බලන්න

04

E   |     |  

 දිනය: 2021-12-10   පිළිතුර ලබා දී ඇත 

2266/2021: Leased out building details owned by Textile department in Pilimathalawa

2266/2021

ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා,— කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      පිළිමතලාව, ගිරාගම ප්‍රදේශයේ පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවට අයත් විශාල ගොඩනැගිල්ලක් තිබේද;

             (ii)      රජයට අයිතිව තිබූ එම ගොඩනැගිල්ලේ අයිතියෙහි වෙනසක් සිදු වී තිබේද;

(iii) එම ගොඩනැගිල්ල පෞද්ගලික පාර්ශ්වයකට බදු දී තිබේද;

(iv) එසේ නම්, එහි වාර්ෂික බදු මුදල කොපමණද;

(v) එම ගොඩනැගිල්ල සහ ඊට අයිති දේපළ පෞද්ගලික අංශයට බදු දෙන ලද දිනය කවරේද;

(vi) එම ගොඩනැගිල්ල බදු දෙන අවස්ථාව වනවිට කර්මාන්ත විෂය භාරව කටයුතු කරන ලද අමාත්‍යවරයාගේ නම කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එම ගොඩනැගිල්ල සහ ඊට අයිති දේපළ නැවත රජයට පවරා ගැනීම සඳහා කටයුතු නොකිරීමට හේතු කවරේද;

 

(ii) එම පේෂ කර්මාන්ත මධ්‍යස්ථානය මඟින් යටිනුවර ප්‍රදේශයේ විරැකියාවෙන් පෙළෙන තරුණයන් දහස් සංඛ්‍යාවකට රැකියා උත්පාදනය කළ හැකි බව පිළිගන්නේද;

(iii) එසේ නම්, එම ගොඩනැගිල්ල නැවත රජයට පවරා ගෙන යටිනුවර ප්‍රදේශයේ පේෂ කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-12-10

අසන ලද්දේ

ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks