බලන්න

04

E   |     |  

 දිනය: 2021-11-24   පිළිතුර ලබා දී ඇත 

2265/2021: Details of aesthetic teacher training school in Giragama

2265/2021

ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගිරාගම ප්‍රදේශයේ සෞන්දර්ය අධ්‍යාපන ගුරු අභ්‍යාස විද්‍යාලයක් තිබේද;

             (ii)      එසේ නම්, එම විද්‍යාලයට අයිති ඉඩම් ප්‍රමාණය හා ගොඩනැගිලි සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

 

(iii) මීට අවුරුදු 20කට පෙර එම විද්‍යාලයේ ‍ඉගෙනුම ලැබූ ගුරු සිසුන් සංඛ්‍යාව කොපමණද;

(iv) මේ වනවිට එම විද්‍යාලයේ ‍ඉගෙනුම ලබන ගුරු සිසුන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මේ වනවිට එම විද්‍යාලය භාවිතයට නොගන්නා තත්ත්වයට පත්වී ඇති බව දන්නේද;

(ii) එසේ නම්, එහි පාසලක් ස්ථාපිත කිරීමට කටයුතු කරන්නේද;

(iii) නොඑසේ නම්, එම භූමිය සහ ගොඩනැගිලි තවදුරටත් අත්හැර දමන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-11-24

අසන ලද්දේ

ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks