පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2197/2021
ගරු යූ.කේ. සුමිත් උඩුකුඹුර මහතා,—ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2015 සිට 2019 දක්වා ඉඩම් විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද එක් එක් අමාත්‍යවරයාගේ නම හා ධූර කාලය වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) ඉහත එක් එක් අමාත්‍යවරයා විසින් සිය ධූර කාලය තුළ පත් කරන ලද උපදේශකවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම එක් එක් උපදේශකවරයාගේ නම, වයස, අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) එක් එක් උපදේශකවරයා සඳහා ගෙවන ලද මාසික වැටුප, දීමනා සහ ලබා දී තිබූ වෙනත් පහසුකම් කවරේද;
(v) එම එක් එක් උපදේශකවරයා වෙත පවරා දී තිබූ වගකීම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(vi) එම එක් එක් උපදේශකවරයා නිරත වී ඇති විදේශ සංචාර, එම විදේශ සංචාරවල නිරත වීම සඳහා හේතු වූ කරුණු, ඒ සඳහා දරන ලද වියදම් හා එමඟින් අමාත්‍යාංශයට අත් වූ ප්‍රතිලාභ වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-11-27
අසන ලද්දේ
ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
අනු අංකය |
අමාත්‍යවරයාගේ නම |
අමාත්‍ය ධුරය |
ධුර කාලය |
|
|
|
|
|
දින සිට |
දින දක්වා |
|
01. |
එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මැතිතුමා |
ගරු ඉඩම් අමාත්‍ය |
2015.01.12 (වැඩ භාරගත් දිනය- 2015.01.16) |
|
|
|
එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මැතිතුමා **ධුරය දරමින් සිටියදී ගරු අමාත්‍යතුමා අභාවප්‍රාප්ත වී ඇත. |
ගරු ඉඩම් අමාත්‍ය |
2015.09.04 (වැඩ භාරගත් දිනය- 2015.09.09) |
2016.01.18 |
|
02. |
ජෝන් ඇන්තනි එම්මානුවෙල් අමරතුංග මැතිතුමා |
ගරු ඉඩම් අමාත්‍ය |
2016.03.02 (වැඩ භාරගත් දිනය- 2016.03.04) |
2017.05.22 |
|
අනු අංකය |
අමාත්‍යවරයාගේ නම |
අමාත්‍ය ධුරය |
ධුර කාලය |
|
|
|
|
|
දින සිට |
දින දක්වා |
|
03. |
ගයන්ත කරුණාතිලක මැතිතුමා |
ගරු ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය |
2017.05.22 (වැඩ භාරගත් දිනය- 2017.05.26) |
2018.10.26 |
|
||||
|
|
ගයන්ත කරුණාතිලක මැතිතුමා |
ගරු ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය |
2018.12.20 (වැඩ භාරගත් දිනය- 2018.12.21) |
2019.11.21 |
|
04. |
එස්.එම්. චන්ද්‍රසේන මැතිතුමා |
ගරු ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය |
2019.11.22 |
2020.08.07 |
(ii)
|
අනු අංකය |
අමාත්‍යවරයාගේ නම |
උපදේශකවරු සංඛ්‍යාව |
|
1. |
එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මැතිතුමා |
නැත |
|
2. |
ජෝන් ඇන්තනි එම්මානුවෙල් අමරතුංග මැතිතුමා |
නැත |
|
3. |
ගයන්ත කරුණාතිලක මැතිතුමා |
01 |
|
4. |
එස්.එම්. චන්ද්‍රසේන මැතිතුමා |
01 |
(iii)
|
අනු අංකය |
අමාත්‍යවරයාගේ නම |
උපදේශකවරයාගේ නම |
වයස |
අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් |
|
1. |
ගයන්ත කරුණාතිලක මැතිතුමා |
එල්.බී.එස්.බී. දයාරත්න මහතා |
අවුරුදු 60 |
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (විශේෂ ශ්‍රේණිය) |
|
2. |
එස්.එම්. චන්ද්‍රසේන මැතිතුමා |
විජේරත්න සකලසූරිය මහතා |
අවුරුදු 66 |
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (විශේෂ ශ්‍රේණිය) විශ්‍රාමික නිලධාරි |
(iv) මාසික වැටුප, දීමනා පිළිබඳ තොරතුරු ඇමුණුම 01** හා 02** ලෙස දක්වා ඇති අතර, ලබා දී ඇති වෙනත් පහසුකම් පහත පරිදිය.
|
උපදේශකවරයාගේ නම |
ලබා දී තිබූ වෙනත් පහසුකම් |
|
එල්.බී.එස්.බී. දයාරත්න මහතා |
අමාත්‍යාංශයක ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරකට හිමි අනෙකුත් පහසුකම් (දුරකථන සහ ප්‍රවාහන) |
|
විජේරත්න සකලසූරිය මහතා |
අමාත්‍යාංශයක අතිරේක ලේකම් තනතුරකට හිමි අනෙකුත් පහසුකම් (දුරකථන සහ ප්‍රවාහන) |
(v)
|
උපදේශකවරයාගේ නම |
පවරා දී තිබූ වගකීම් |
|
එල්.බී.එස්.බී. දයාරත්න මහතා |
ඉඩම් අමාත්‍යාංශයට අයත් කාර්ය භාරය ඉටු කිරීමේදී පැන නඟින ගැටලු සහගත තත්ත්ව සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමන්ට උපදේශකත්වය ලබා දීම. |
|
විජේරත්න සකලසූරිය මහතා |
ඉඩම් අමාත්‍යාංශයට අයත් කාර්ය භාරය ඉටු කිරීමේදී පැන නඟින ගැටලු සහගත තත්ත්ව සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමන්ට උපදේශකත්වය ලබා දීම. |
(vi) විදේශ සංචාරවල නිරත වී නොමැත.
(ආ) අදාළ නොවේ
පිළිතුරු දුන් දිනය
2021-11-27
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks