පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2177/2021
ගරු ගාමිණි වලේබොඩ මහතා,—වැවිලි අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2015 සිට 2019 දක්වා වැවිලි කර්මාන්ත විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද එක් එක් අමාත්‍යවරයාගේ නම හා ධූර කාලය වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) ඉහත එක් එක් අමාත්‍යවරයා විසින් සිය ධූර කාලය තුළ පත් කරන ලද උපදේශකවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම එක් එක් උපදේශකවරයාගේ නම, වයස, අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) එක් එක් උපදේශකවරයා සඳහා ගෙවන ලද මාසික වැටුප, දීමනා සහ ලබා දී තිබූ වෙනත් පහසුකම් කවරේද;
(v) එම එක් එක් උපදේශකවරයා වෙත පවරා දී තිබූ වගකීම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(vi) එම එක් එක් උපදේශකවරයා නිරත වී ඇති විදේශ සංචාර, එම විදේශ සංචාරවල නිරත වීම සඳහා හේතු වූ කරුණු, ඒ සඳහා දරන ලද වියදම් හා එමඟින් අමාත්‍යාංශයට අත් වූ ප්‍රතිලාභ වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-11-20
අසන ලද්දේ
ගරු ගාමිණී වලේබොඩ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
ගරු අමාත්‍යතුමාගේ නම |
ධුර කාලය |
|
ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා |
2015.01.01 - 2015.08.16 |
|
ගරු නවීන් දිසානායක මැතිතුමා |
2015.09.07 - 2018.10.26 |
|
ගරු එස්.එම්. චන්ද්‍රසේන මැතිතුමා |
2018.11.09 - 2018.12.15 |
|
ගරු නවීන් දිසානායක මැතිතුමා |
2018.12.20 - 2019.11.22 |
|
ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා |
2019.11.25 සිට මේ දක්වා |
(ii)
|
|
ගරු අමාත්‍යතුමාගේ නම |
උපදේශකවරුන් සංඛ්‍යාව |
කාලය |
|
01 |
ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා |
නැත |
- |
|
02 |
ගරු එස්.එම්. චන්ද්‍රසේන මැතිතුමා |
නැත |
- |
|
03 |
ගරු නවීන් දිසානායක මැතිතුමා |
ලක්නා පරණවිතාන මහතා |
2015.11.01 - 2018.10.31 |
|
|
|
ඒ.බී. ටයිටස් සුනිල් සිල්වා මහතා |
2019.01.21 - 2019.11.20 |
(iii)
|
උපදේශකවරයාගේ නම |
වයස (පත්වීම් දිනට) |
අධ්‍යාපන සුදුසුකම් |
වෘත්තීය සුදුසුකම් |
කාල සීමාව |
|
ඒ.බී. ටයිටස් සුනිල් සිල්වා මහතා |
අවුරුදු 66 1953.03.28 |
· අ.පො.ස. (සාමාන්‍ය පෙළ) |
ගරු අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ නිලධාරි (1994 ජුනි සිට සැප්තැම්බර් දක්වා), අළෙවි නිලධාරි (1986 අප්‍රේල් සිට 1994 ජුනි දක්වා) - මහවැලි අධිකාරිය සහකාර සාමාන්‍යාධිකාරිගේ සම්බන්ධීකරණ නිලධාරි - 1980 මැයි සිට 1986 අප්‍රේල් දක්වා (ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය) වතු අධිකාරි, කොටගල වැවිලි සමාගම - 1978 අප්‍රේල් සිට 1980 මැයි දක්වා |
2019.01.21 - 2019.11.20 |
· උපදේශක - ලක්නා පරණවිතාන මහතාගේ ජීව දත්ත තොරතුරු පත්‍රිකාව ඇමුණුම 01** ලෙස ද,
· උපදේශක - ඒ.බී. ටයිටස් සුනිල් සිල්වා මහතාගේ ජීව දත්ත තොරතුරු පත්‍රිකාව ඇමුණුම 02** ලෙස ද අමුණා ඇත.
(iv)
|
අංකය |
උපදේශකගේ නම |
මාසික වැටුප |
දීමනා සහ ලබා දී ඇති වෙනත් පහසුකම් |
කාල සීමාව |
|
02 |
ඒ.බී. ටයිටස් සුනිල් සිල්වා මහතා |
රුපියල් 75,000/- |
අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකුට හිමි පහසුකම් ලබා දී ඇත. (අංක අමප/19/0087/117/001 හා 2019.01.07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව) |
2019.01.21 - 2019.11.20 |
(v) අමාත්‍යාංශය මඟින් රාජකාරි පැවරීමක් සිදු කර නොමැති අතර ගරු අමාත්‍යතුමාගේ උපදේශක ලෙස කටයුතු කර ඇත.
· මීට අමතරව ලක්නා පරණවිතාන මහතා විවිධ අවස්ථාවලදී පෞද්ගලික මට්ටමින් විදේශ සංචාර සිදු කර ඇති අතර ඒ සඳහා අමාත්‍යාංශයෙන් කිසිදු වියදමක් දරා නොමැත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-11-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks