පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1918/2021
ගරු (මේජර්) ප්‍රදීප් උඳුගොඩ මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2015 සිට 2019 දක්වා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ යම් අක්‍රමිකතාවයක්, අයථා පත්වීමක්, දූෂණ ක්‍රියාවක් හෝ නීති විරෝධි ක්‍රියාවක් සිදු වී තිබේද;
(ii) එසේ නම්, ඒවා වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඉහත සඳහන් එක් එක් කරුණ හේතුවෙන් රජයට අහිමි වී ඇති මූල්‍ය, දේපළ හා මානව සම්පත්වල වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත (අ) (i) හි සඳහන් ක්‍රියා සඳහා වගකිව යුතු නිලධාරින් හඳුනාගැනීමට විමර්ශන සිදු කර තිබේද;
(ii) වගකිව යුතු නිලධාරින් හඳුනාගෙන ඇත්නම්, ඔවුන්ට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(iii) ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන නොමැති නම්, ඊට හේතු කවරේද;
(iv) ඉදිරියේදී ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගනු ලබන්නේද;
(v) ඉදිරියේදී සිදු විය හැකි මෙවැනි ක්‍රියා වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-11-25
අසන ලද්දේ
ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වාර්තා වී ඇති කරුණු සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දෙකක් විභාග වෙමින් පවතින අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් විමර්ශනයක් ද සිදු කරමින් පවතී.
(ii) 1. 2019 වර්ෂයේදී නව සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා සමෘද්ධි සහනාධාර හිමිකම් පත් මුද්‍රණය, සමරු තිළිණ ලෙස ටීෂර්ට් මුද්‍රණය, සමෘද්ධි හිමිකම් පත්‍ර ප්‍රදාන උත්සව පැවැත්වීම යන කටයුතු වෙනුවෙන් සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදලින් මුදල් වැය කිරිම පිළිබඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් විමර්ශන සිදු කරනු ලබයි.
2. 2019 වර්ෂයේදී සමෘද්ධි බැංකු සංගම් සඳහා පරිගණක සහකාරවරුන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ FR 9/20 හා FR 10/20 යන නඩු විභාග වෙමින් පවතී.
(iii) ඉහත ii හි සඳහන් පරිදි මේ වන විට විමර්ශන සිදු වන බැවින් සඳහන් කළ නොහැක.
(ආ) (i) ඉහත iiහි සඳහන් පරිදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩු කටයුතු නිම වී නොමැති බැවින් මේ සම්බන්ධයෙන් සඳහන් කළ නොහැක.
(ii) ඉහත (ආ) පිළිතුර අනුව අදාළ නොවේ.
(iii) ඉහත (ආ) පිළිතුර අනුව අදාළ නොවේ.
(iv) ඉහත (ආ) පිළිතුර අනුව අදාළ නොවේ.
(v) ඉහත ii හි සඳහන් ආයතන මඟින් දෙනු ලබන තීරණ මත ඉදිරි කටයුතු කළ හැකිය.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-11-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks