පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-10-05
අසන ලද්දේ
ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන හා නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා රජය, ප්‍රාදේශීය වැවිලි සමාගම් සහ වැවිලි වෘත්තිය සමිතිවලින් සමන්විත ත්‍රෛපාර්ශවීය සංවිධානයක් වන මෙම ආයතනය මඟින් වතු ප්‍රජාවේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා සමාජ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරවීමට පහසුකම් සපයනු ලබයි.
(ii) එම ආයතනය යටතේ ක්‍රියාත්මක වන ප්‍රාදේශීය කාර්යාල සංඛ්‍යාව 07කි.
(iii) එම කාර්යාල පිහිටා ඇති ප්‍රදේශ පහතින් දැක්වේ.
1. ගාල්ල
2. රත්නපුර
3. බදුල්ල
4. කෑගල්ල
5. මහනුවර
6. හැටන්
7. නුවරඑළිය
(iv) එම එක් එක් ප්‍රාදේශීය කාර්යාල විසින් සේවා සපයනු ලබන වතු කම්කරුවන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් පහතින් දක්වා ඇත.
|
ප්‍රාදේශීය කාර්යාලය |
වතු කම්කරුවන් සංඛ්‍යාව |
|
ගාල්ල |
60,358 |
|
රත්නපුර |
113,405 |
|
බදුල්ල |
185,491 |
|
කෑගල්ල |
57,804 |
|
මහනුවර |
126,763 |
|
හැටන් |
219,528 |
|
නුවරඑළිය |
230,382 |
(ආ) (i) 2015 වර්ෂයේ සිට එක් එක් ප්‍රාදේශීය කාර්යාලයක් විසින් ක්‍රියාත්මක කරන ලද එක් එක් ව්‍යාපෘතිය සඳහා අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ප්‍රතිපාදන පිළිබඳ තොරතුරු ඇමුණුම** මඟින් ඉදිරිපත් කර ඇත.
(ii) එම එක් එක් ව්‍යාපෘති සඳහා එක් එක් ප්‍රාදේශීය කාර්යාල වෙත අමාත්‍යාංශය මඟින් ලබා දී ඇති ප්‍රතිපාදන ප්‍රමාණයම වෙන්කර ඇත. ඇමුණුම අදාළ වේ.
(iii) අමාත්‍යාංශය විසින් වෙන් කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණය එක් එක් ප්‍රාදේශීය කාර්යාලයක් විසින් සේවා සපයනු ලබන වතු කම්කරුවන් සංඛ්‍යාවට සාපේක්ෂව බෙදී ගොස් ඇති බව පිළිගනු ලැබේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-11-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks