පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-05-06
අසන ලද්දේ
ගරු රෝහණ දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කලාප කාර්යාල වෙත නිරන්තරයෙන් එකී හානි සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන අතර, එම හානි මැඬ පැවැත්වීමට අවශ්‍ය කටයුතු එකී කාර්යාලවලට අනුයුක්ත කර ඇති නිලධාරින් විසින් සිදු කරනු ලබයි.
(ii) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වන ජීවීන්ගෙන් සිදු වන හානි මැඬලීම පිළිබඳ ඍජු වගකීමක් ඇත. කෙසේ නමුත්, අනෙකුත් පාර්ශ්වකාර ආයතන රාශියක ඍජු දායකත්වය නොමැතිව මෙම කටයුතු සාර්ථක කර ගත නොහැක.
(iii) නිදැල්ලේ හැසිරෙන රිළවුන් හා වඳුරන් අල්ලා නිශ්චිතව හඳුනා ගන්නා ලද උද්‍යානවලට මුදා හැරීම ප්‍රායෝගික ක්‍රියාවක් නොවන අතර, ඊට පහත සඳහන් කරුණු බලපානු ලබයි.
1. ඕනෑම රක්ෂිතයක වඳුරන් හා රිළවුන් වැනි සතුන් සඳහා සීමිත ගහණ ඝනත්වයක් පවතින බැවින් මෙලෙස සතුන් අල්ලා රක්ෂිත තුළට මුදා හැරීමෙන් එම රක්ෂිත තුළ එම සතුන්ගේ ගහණ ඝනත්වය ඉක්මවා යන අතර, එමඟින් එම රක්ෂිතවල සිටින සතුන් නැවතත් ආහාර සොයා රක්ෂිත ආසන්නයේ පවතින කෘෂි කාර්මික බිම් හා ගෙවතු වෙත පැමිණෙනු ඇත.
2. වඳුරන් හා රිළවුන් වැනි සතුන් කෘෂි කාර්මික බිම් හා ගෙවතු වගා මුල් කර ගනිමින් තම ආහාර අවශ්‍යතා පහසු ක්‍රමවේද ඔස්සේ සපුරා ගැනීමට හුරු වී සිටින බැවින්, යම් රක්ෂිතයක එම සතුන්ගේ ගහණ ඝනත්වය නො ඉක්මවුව ද ආසන්නයේ පවතින වගා බිම් හා නිවෙස් කරා පැමිණීමට කලක සිට මෙම සතුන් පුරුදුව සිටී.
3. මෙම සත්ව කොට්ඨාසවල උප විශේෂ කිහිපයක් සිටින අතර, එම සතුන් විවිධ දේශගුණික කලාපවලට අයත්ව ජීවත් වන බැවින්, එක් දේශගුණික කලාපයකට අයත් සත්ව කොට්ඨාසයක් තවත් දේශගුණික කලාපයකට අයත් උද්‍යානයකට නිදහස් කිරීම තුළින් මෙම සතුන් ජීවිත අවදානමකට මුහුණ පානු ලබයි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-08-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks