01

E   |     |  

 දිනය: 2021-09-23   පිළිතුර ලබා දී ඇත 

1734/2021: Programme issues transmitted in ITN under previous government

1734/2021

ගරු ගුණතිලක රාජපක්ෂ මහතා,— ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      වර්ෂ 2015-2019  කාලය තුළ ශ්‍රී ලංකාවේ  ප්‍රසිද්ධ මෝටර් රථ ධාවන ශූරයෙකු, ඔහු විසින්ම මුදල් ගෙවා ස්වාධීන රූපවාහිනිය මඟින් විකාශය කරන ලද වැඩසටහනේ නම කවරේද;

              (ii)     පසුව එම වැඩසටහන් මාලාව වෙනුවෙන් ස්වාධීන රූපවාහිනි සේවය මඟින් ඉහත සඳහන් පුද්ගලයාට මුදල් ගෙවා තිබේද;

(iii) එසේ නම්, එම එක් වැඩසටහනක් වෙනුවෙන් ගෙවන ලද මුදල සහ සියලු වැඩසටහන් වෙනුවෙන් ගෙවන ලද මුළු මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත කාලය තුළ “අනෝමාස් කිචන්” නැමැති වැඩසටහන, ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීම වෙනුවෙන් මුදල් ගෙවා ඇති බව පිළිගන්නේද;

(ii) එසේ නම්, එම මුදල කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) ඉහත  (අ) (i) සහ (ආ) (i) හි සඳහන් කරන ලද වැඩසටහන් දෙක සඳහා  මුදල් ගෙවීම සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරින්ගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) එම මුදල, ඉහත නිලධාරින්ගෙන්  අයකර ගැනීමට කටයුතු කරන්නේද;   

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2021-09-23

අසන ලද්දේ

ගරු ගුණතිලක රාජපක්ෂ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks