පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1689/2021
ගරු කුමාර වෙල්ගම මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කළුතර දිස්ත්‍රික්කයේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හිමිකම් ඔප්පු නොමැති ඉඩම්වල පදිංචි වී සිටින පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම පවුල් සඳහා හිමිකම් ඔප්පු ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කර තිබේ නම්, එම ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) කළුතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් එහෙත් මේ වනතෙක් භාවිතයට ගෙන නොමැති ඉඩම් ප්‍රමාණය කොපමණද;
(ii) එම ඉඩම් ප්‍රමාණය රජයේ පොදු කටයුත්තකට හෝ ඉඩම් නොමැති ජනතාවට ලබාදීමට හෝ බදු දීමට වැඩපිළිවෙළක් සකස් කර තිබේද;
(iii) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-11-30
අසන ලද්දේ
ගරු කුමාර වෙල්ගම මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
රජයේ ඉඩම්වල ඔප්පු නොමැත සංඛ්‍යාව |
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා ඉඩම්වල ඔප්පු නොමැති සංඛ්‍යාව |
|
හොරණ |
421 |
300 |
|
මතුගම |
340 |
600 |
|
පානදුර |
71 |
- |
|
මිල්ලනිය |
257 |
- |
|
බණ්ඩාරගම |
90 |
- |
|
අගලවත්ත |
1,028 |
200 |
|
බුලත්සිංහල |
2,923 |
100 |
|
දොඩන්ගොඩ |
347 |
400 |
|
වලල්ලාවිට |
1,240 |
50 |
|
මදුරාවල |
453 |
300 |
|
කළුතර |
281 |
60 |
|
ඉංගිරිය |
1,060 |
200 |
|
පාලින්දනුවර |
164 |
100 |
|
බේරුවල |
5,128 |
- |
(ii)
· දැනටමත් ඉඩම් කච්චේරි පවත්වමින් සුදුස්සන් හඳුනා ගැනීමට කටයුතු කර ඇත.
බදුකර ලබා දීමට සුදුසු අයදුම්කරුවන් සඳහා අනුමැතියට පළාත් ඉඩම් කොමසාරිස් වෙත යොමු කර ඇත.
නායයෑමේ අවදානම සහිත ඉඩම්වල අනවසරකරුවන් නියමානුකූල කිරීම සඳහා එම ඉඩම් පිළිබඳ නිර්දේශ ලබා ගැනීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය වෙත යවා ඇත.
2008/4 චක්‍රලේඛ ප්‍රතිපාදන ප්‍රකාරව නියමානුකූල කිරීමට අදාළව මැනුම් කටයුතු සිදු කිරීමට, බලපත්‍ර ලබා දීම ආදියට තොරතුරු රැස් කිරීම සිදු කරනු ලැබේ.
බලපත්‍ර නොමැති අය සඳහා බලපත්‍ර සකස් කර දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.
ඔප්පු ලබා දී ඇති පවුල් ඒකක නියමානුකූල කිරීමට අවශ්‍ය ලිපි ලේඛන පරීක්ෂා කිරීම සහ සුදුසුකම් ලත් පුද්ගලයින් තෝරා ගැනීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් ජංගම සේවා පැවැත්වීමට පියවර ගනු ලබන අතර, තෝරා ගනු ලබන සුදුසුකම් ලාභීන් වෙත ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ චක්‍රලේඛ 2021/01 අනුව නීත්‍යනුකූල ඔප්පු ලබා දීමේ කටුයුතු සිදු කෙරේ.
අනවසරකරුවන් භුක්ති විඳින ඉඩම් නිශ්චිතව හඳුනා ගැනීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුවට මැනුම් ඉල්ලීම් යොමු කර ඇත.
(ආ) (i) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව ක්ෂේත්‍රයේ මේ වන විට නිරවුල්ව පවත්නා ඉඩම් ප්‍රමාණය කොතෙක් ද යන්න හඳුනා ගැනීම සඳහා සෑම දිස්ත්‍රික්කයකටම අදාළව ක්ෂේත්‍රයේ තොරතුරු කැඳවීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, එකී තොරතුරු පදනම් කර ගනිමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සබාව සතු ඉඩම් පිළිබඳ ඉඩම් ලේඛනයක් සකස් කිරීම මෙහි අවසාන අරමුණ වේ. ඒ සඳහා මාස 06ක පමණ කාලසීමාවක් ගතවන අතර, ලේඛනය සකස් කිරීමෙන් අනතුරුව මෙතෙක් භාවිතයට ගෙන නොමැති ඉඩම් ප්‍රමාණය කොතෙක් ද යන්න පිළිබඳව හඳුනා ගැනීමක් කළ හැකිය.
තවද, ජනතා වතු සංවර්ධන මණ්ඩලය වෙත සහ රාජ්‍ය වැවිලි සංස්ථාව වෙත ගැසට් මඟින් පවරාදීමෙන් අනතුරුව එම ආයතනවලට අදාළ ඉඩම් නැවත ප්‍රාදේශීය වැවිලි සමාගම් වෙත බදු පදනම මත ලබාදීමට කටයුතු කර ඇත. එසේ පවරන ලදන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත 1972 දී පවරා ගැනීමේ දී මැනුම් කිරීමකින් තොරව ප්‍රකාශිතව පැවරී ඇත. මෙසේ වැවිලි සමාගම් වෙත පවරා දී ඇති මෙම ඉඩම් අතර ගැසට් පත්‍ර මඟින් ඉහත ආයතනයන් වෙත නොපවරන ලද ඉඩම් විශාල ප්‍රමාණයක් වැවිලි සමාගම් විසින් භුක්ති විඳිනු ලබන බව ද දන්වා සිටිමි.
(ii) ඔව්.
(iii) ඉඩම් ලේඛනය සැකසීමේ කටයුතු අවසන් කිරීමෙන් පසුව හඳුනා ගනු ලබන ඉඩම් දැනට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ඉඩම් බැහැර කිරීම සඳහා පාදක කරගනු ලබන 2021/01 චක්‍රලේඛය මඟින් සලසා ඇති විධිවිධාන ප්‍රකාරව රජයේ ආයතන වන පළාත් පාලන ආයතන, දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ සහ ව්‍යවස්ථාපිත මණ්ඩල වෙත පවත්නා නෛතික විධි විධාන යටතේ බැහැර කිරීමට අවශ්‍ය පියවර ගනු ලබන අතර, ඉඩම් නොමැති ජනතාවට සහ කෘෂිකාර්මික සහ කාර්මික අරමුණු සඳහා ද දීර්ඝ කාලීන බදු පදනම මත ලබාදීමට ක්‍රියා කරනු ලබයි. එසේම, ඉහත සඳහන් කරන පරිදි වැවිලි සමාගම් වැඩිපුර භුක්ති විඳින ඉඩම් ප්‍රමාණය ද නිදහස් කර ගැනීමට හැකියාවක් පවතින්නේ නම් මෙම ඉඩම් බැහැර කිරීමේ ක්‍රියාවලිය වඩාත් ප්‍රශස්ත පරිදි කිරීමට හැකියාවක් ඇත.
2021/01 චක්‍රලේඛයේ ප්‍රතිපාදන යටතේ පළාත් පාලන ආයතන වෙත ක්‍රීඩාපිටි, සුසාන භූමි සහ පොදු කටයුතු සඳහා ලබා දෙන ඉඩම් විශේෂ සහන පදනමක් යටතේ පවරාදීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-11-30
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks