logo

02

E   |     |  

 දිනය: 2021-09-23   පිළිතුර ලබා දී ඇත 

1647/2021: කොළඹ දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඩෙංගු ව්‍යාප්තිය: මැඩපැවැත්වීම

1647/2021

ගරු මුජිබුර් රහුමාන් මහතා,—  සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2020 වර්ෂයේදී කොළඹ දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව හඳුනාගත් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව කොපමණද;     

             (ii)       එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව එම සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) කොළඹ දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව පැතිරෙමින් පවතින ඩෙංගු රෝගය මැඩපැවැත්වීම සඳහා මේ වනවිට ගෙන ඇති විශේෂ ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2021-09-23

අසන ලද්දේ

ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2020 වර්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව හඳුනා ගත් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 348කි.

              (ii)      කොළඹ දිස්ත්‍රික්කයේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව සංඛ්‍යාව පහත දැක්වේ.       

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

වතු ආශ්‍රිතව හඳුනාගත් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව (2020)

කොළඹ

  45

තිඹිරිගස්යාය

  24

දෙහිවල

  95

හෝමාගම

  00

පාදුක්ක

  01

කඩුවෙල

  00

කොළොන්නාව

  30

කැස්බෑව

  00

කෝට්ටේ

130

මහරගම

  06

මොරටුව

  02

රත්මලාන

  13

සීතාවක

  02

එකතුව

348

 

(iii) * රෝගීන් වාර්තා වීම පිළිබඳ දත්ත පද්ධති නිතිපතා විශ්ලේෂණය කර අවදානම් ප්‍රදේශ ඉලක්කකොට මදුරු මර්දන වැඩසටහන් දියත් කිරීම.

* කීට විද්‍යා සමීක්ෂණ සිදුකර වසංගත තත්ත්වයන් පුරෝකථනය කිරීම සහ එය මැඩ පැවැත්වීම සඳහා පියවර ගැනීම.

* වසංගත තත්ත්වවලදී ධූමායනය කිරීම.

* මෝසම් වර්ෂාවට පෙර ජනතා සහභාගිත්වය වැඩිකොට මදුරුවන් බෝ වන ස්ථාන ඉවත් කිරීම සඳහා යොමු කිරීම.

* ප්‍රජා බලගැන්වීම, රෝගය වැළැක්වීම සහ නිසි ප්‍රතිකාර ලබා ගැනීම පිළිබඳ පණිවුඩ ඉලෙක්ට්‍රොනික් සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සමාජගත කිරීම සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මට්ටමින්, සායන තුළින් මෙන්ම ජංගම ප්‍රචාරක රථ මාර්ගයෙන්ද ජනතාව දැනුවත් කිරීම.

* ලෝක මදුරු වැඩසටහන සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන “වොල්බැකියා” නියමු ව්‍යාපෘතිය - Wolbachia Project - ක්‍රියාත්මක කිරීම. නුගේගොඩ සහ කොළඹ මහ නගර සභාවේ මට්ටක්කුලිය/මෝදර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ පරිසරයට වොල්බැකියා බැක්ටීරියාව සහිත මදුරුවන් මුදාහරින ලදී. වොල්බැකියා ආසාදිත මදුරුවන් තුළ ඩෙංගු වයිරසය වර්ධනය වීම දුර්වල වේ. ඒ මඟින් ඩෙංගු ‍වයිරසය මදුරුවන් හරහා සම්ප්‍රේෂණය වීම පාලනය වේ.

 

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-11-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks