01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

1594/2021: Details of the Gazette Extraordinary No. 2192/36

1594/2021

ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා,—ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      කිසිදු ලියවිල්ලකින් තොරව රාජ්‍ය ඉඩම් අත්පත් කරගෙන සංවර්ධනය කර ඇති අය වෙත නෛතික ලියවිලි නිකුත් කිරීම කඩිනම් කරනු පිණිස 2020.09.10 දින නිකුත් කරන ලද අංක 2192/36 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය ඉන් දින 12 කට පසුව අංක 2194/28 දරන 2020.09.22 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් අහෝසි කරනු ලැබූ බව එතුමා දන්නෙහිද?

(ආ) (i) 2020.09.10 දින අංක 2192/36 දරන අතිවිශේෂ ගැසට්පත්‍රය යටතේ එක් එක් දිස්ත්‍රික්කය අනුව ලැබුණු ඉල්ලුම්පත්‍ර සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම ඉල්ලුම්පත්‍ර අතරින් සලකා බලනු ලැබූ ඉල්ලුම්පත්‍ර සංඛ්‍යාව කොපමණද;

(iii) 2020.09.10 සිට 2020.09.22 දින දක්වා නිකුත් කරන ලද ඔප්පු, බලපත්‍ර හා වෙනත් නෛතික ලියවිලි සංඛ්‍යාව කොපමණද;

(iv) එක් එක් ප්‍රතිලාභියාගේ නම, ලිපිනය හා ප්‍රතිලාභියා වෙත වෙන් කර දෙන ලද ඉඩම් කොටසේ විශාලත්වය කවරේද;

‍යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නො එසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-11-30

අසන ලද්දේ

ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks