01

E   |     |  

 දිනය: 2021-12-06   පිළිතුර ලබා දී ඇත 

1441/2021: Military personals details appointed to High post in Public service

1441/2021

ගරු මනූෂ නානායක්කාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       අමාත්‍යාංශ ලේකම්වරුන්;

            (ii)       රජයේ සංස්ථා සභාපතිවරුන්;

            (iii)       රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්;

  (iv) රජයේ ආයතනවල ක්‍රියාකාරි අධ්‍යක්ෂවරුන්;

(v) රාජ්‍ය ව්‍යාපාර සභාපතිවරුන්;

  (vi) රජයේ ආයතනවල ප්‍රධාන විධායක නිලධාරින්;

ලෙස මේ වනවිට සේවය කරනු ලබන සක්‍රිය සේවයේ හෝ විශ්‍රාමික, හමුදා හෝ පොලිස් නිලධාරින් සංඛ්‍යාව කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) එම එක් එක්  අමාත්‍යාංශ ලේකම්වරයා / සංස්ථා සභාපතිවරයා / දෙපාර්තමේන්තු ප්‍රධානියා / ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයා / රාජ්‍ය ව්‍යාපාර සභාපතිවරයා /ප්‍රධාන විධායක නිලධාරියාගේ නම, ඔහු සේවය කරනු ලබන එක් එක් අමාත්‍යාංශය / සංස්ථාව /දෙපාර්තමේන්තුව / ආයතනය අනුව‍ වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-12-06

අසන ලද්දේ

ගරු මනූෂ නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks