04

E   |     |  

 දිනය: 2021-10-06   පිළිතුර ලබා දී ඇත 

1431/2021: Feasible report details for Tourism zone in Habarana

1431/2021

ගරු උද්දික ප්‍රේමරත්න මහතා,— සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      අනුරාධපුර දිස්ත්‍රික්කයේ හබරණ නගරය කේන්ද්‍ර කර ගනිමින් සංචාරක කලාපයක් ස්ථාපිත කර ඇති බව දන්නේද;

             (ii)      එම කලාපයට අයත් වනාන්තර සහ එම කලාපය තුළ සැරිසරන වන අලින් ආරක්ෂා වන ආකාරයෙන් එම සංචාරක කලාපයේ භෞතික සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර තිබේද;

(iii) එවැනි අධ්‍යයනයක් තුළින් විධිමත් හා විද්‍යානුකූල ලෙස දියුණු කරන ලද සංචාරක කලාපයක් ලෙස හබරණ නගරය සංවර්ධනය කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක වන්නේද;

(iv) එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ සැලසුම් සකස් කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-10-06

අසන ලද්දේ

ගරු උද්දික ප්‍රේමරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks