01

E   |     |  

 දිනය: 2021-09-24   පිළිතුර ලබා දී ඇත 

1405/2021: Details of established houses from 2015 to 2019

1405/2021

ගරු සමන්ප්‍රිය හේරත් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      වර්ෂ 2015 සිට 2019 දක්වා —

              (i)       රජය විසින් ඉදිකරන ලද නිවාස සංඛ්‍යාව;

             (ii)       රජය විසින් ඉදිකරන ලද එක් එක් නිවස ඉදිකිරීම සඳහා වැය කරන ලද මුදල වෙන් වෙන් වශයෙන්;

(iii) ඉදිකරන ලද නිවාස ව්‍යාපෘති (උදාගම්) සංඛ්‍යාව;

(iv) ඉදිකරන ලද එක් එක් උදාගම විවෘත කිරීමේ උත්සවය සඳහා වැය කරන ලද මුදල වෙන් වෙන් වශයෙන්;

කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) වර්ෂ 2015 සිට 2019 දක්වා —

(i) ඉදිකර ජනතා අයිතියට පත් කරන  ලද නිවාස ව්‍යාපෘතිවල සමරු ඵලක  වෙනුවෙන් වැය කරන  ලද මුදල කොපමණද;

(ii) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් බෙදා දෙන ලද සිමෙන්ති කොට්ට සංඛ්‍යාව කොපමණද;

(iii) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් බෙදා දුන් සිමෙන්ති කොට්ට බෙදා දෙන ලද පදනම කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-09-24

අසන ලද්දේ

ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන හා නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks