01

E   |     |  

 දිනය: 2021-09-22   පිළිතුර ලබා දී ඇත 

1404/2021: Importance of local and endemic paddy seeds and farming

1404/2021

ගරු සමන්ප්‍රිය හේරත් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)        ශ්‍රී ලංකාවේ පවතින දේශීය වී ප්‍රභේදවල නම්;

             (ii)        ශ්‍රී ලංකාවට පමණක් ආවේනික වූ දේශීය වී ප්‍රභේදවල නම්;

           වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)       (i)      පැරණි වී  ප්‍රභේද වර්ග වගා කිරීම සඳහා පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය අවශ්‍ය නොවන බව දන්නේද;

(ii) පැරණි වී ප්‍රභේද වර්ග සංරක්ෂණය කිරීමට සහ වගා කිරීමට ගෙන ඇති  වැඩපිළිවෙළ කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) මේ වනවිට ශ්‍රී ලංකාවේ වකුගඩු හා පිළිකා රෝග බහුලව පවතින බවත් එතුමා දන්නෙහිද?

(ඈ) ජාන විකෘති කළ නිෂ්පාදිත, ශ්‍රී ලංකාවට ආවේනික නොවූ වී සහ බීජ වර්ගවලින් නිෂ්පාදන කරන ලද ආහාර භාවිතා කිරීම ප්‍රධාන වශයෙන් මෙයට හේතු වී ඇති බව පර්යේෂණ මඟින් තහවුරු වී තිබේද යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-09-22

අසන ලද්දේ

ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks