E   |     |  

 දිනය: 2021-11-08   පිළිතුර ලබා දී ඇත 

1395/2021: ලංකා ධීවර සංස්ථාව: ශීතාගාර

----

අසන ලද දිනය

2021-11-08

අසන ලද්දේ

ගරු දිලිප් වෙදආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අ)           (i)      1977 වර්ෂයේ ශ්‍රී ලංකා ධීවර සංස්ථාවේ පැරණි ශීතාගාර සංකීර්ණයක් පැවැති අතර, එහි ධාරිතාව සහ අනෙකුත් පහසුකම් පිළිබඳ නිශ්චිත තොරතුරු ධීවර සංස්ථාව සතුව නොමැත.

              (ii)      පසුගිය රජය විසින් ලංකා ධීවර සංස්ථාවේ ශීතාගාර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මුදල් වෙන් කර ලබා දී නොමැත.

(iii) අදාළ නොවේ.

(iv) වර්තමානයේ ගාල්ල ශීතාගාර සංකීර්ණය තුළ පමණක් මසුන් ගබඩා කර තැබීමේ ස්ථාවර ශීතාගාර පහසුකම් පිහිටා ඇත. ලංකා ධීවර සංස්ථා ප්‍රධාන කාර්යාලයේ මසුන් තාවකාලිකව ගබඩා කර තැබීමේ ශීතාගාර බහලු දෙකක් පවතී. විස්තර ඇමුණුමෙහි දක්වා ඇත.

ඇමුණුම සභාගත* කරමි.

ගාල්ල ශීතාගාර සංකීර්ණයේ අංගණ 7ක් තිබෙනවා. මෙට්‍රික්ටොන් 100, 75, 75, 50, 50 සහ 2.5 ඒවා දෙකක් තිබෙනවා. ඊට අමතරව විධායක වශයෙන් ගත්තාම, රත්නපුරයේ ශීතාගාරය අක්‍රියව පවතිනවා. මිරිස්ස, අනුරාධපුරය, මීගමුව (වෙන්නප්පුව), නුවර, බේරුවල, මින්නේරිය සහ බණ්ඩාරවෙල ශීතාගාර ක්‍රියාත්මක මට්ටමේ පවතිනවා.  

ශීතාගාර සංකීර්ණයක් ලෙස පවතින මසුන් ගබඩා කිරීමේ ශීතාගාර පහසුකම් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 350ක් වේ.

මීට අමතරව විධායක සතුව ඇති එදිනෙදා මසුන් ගබඩා කිරීමේ ශීතාගාර පහසුකම් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 36ක් වේ. ඇමුණුමෙහි වැඩි විස්තර දක්වා ඇත.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2021-11-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කංචන විජේසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks