01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

1394/2021: Matters arise in Director board of Multi purpose co-operative society Tangalle

1394/2021

ගරු දිලිප් වෙදආරච්චි මහතා,— වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       සීමාසහිත තංගල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයන් දොළොස් දෙනෙකුගෙන් සමන්විත වුවද, එම සමිතියේ බලය අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකු විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන තිබෙන බවත්;

(ii) තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලබන සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු මෙයට සම්බන්ධ වී සිටින බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් සිදු කර තිබේද;

(ii) පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් (දකුණු පළාත) විසින් මේ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

(iii) සීමාසහිත තංගල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ සාමාජිකයන්ගේ සහ එහි ගනුදෙනුකරුවන්ගේ මුදල් වලට වගකියනු ලබන පාර්ශ්වය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2021-11-26

අසන ලද්දේ

ගරු දිලිප් වෙදආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks