පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-09-22
අසන ලද්දේ
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන හා නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වේරැස් ගඟ වැසි ජල අපවහන හා පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් බවතින බවත්,
(ii) එම ව්‍යාපෘතිය යටතේ නුගේගොඩ එදිරිසිංහ පාරේ සිට කට්ටිය හන්දිය දක්වා වූ කොටසේ වැඩ අවසන් කර නොමැති අතර එය අවසන් අදියරයේ පවතින බවත් දනිමි.
ඔබතුමා කියන කොටසේ තවම වැඩ අවසන් කර නැහැ.
(ආ) (i) වේරැස් ගඟ වැසි ජල අපවහන හා පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ කට්ටිය හන්දියේ සිට එදිරිසිංහ මාවත දක්වා ඉදිකිරීමට නියමිත ඇළ මාර්ගය දිගින් 410 m කින් යුක්ත වන අතර පළලින් මීටර් 3.5 සිට මීටර් 4.5 දක්වා වේ. එම කොටසින් මීටර් 10ක ප්‍රමාණයක් හැරුණු කොට අනෙක් ප්‍රමාණය, එනම් දිග මීටර් 400ක කොටසක ඇළ මාර්ගයේ ඉදිකිරීම් අවසන් කර ඇත. ඉහත සඳහන් කළ මීටර් 10ක කොටසේ ඉදිකිරීම් ද මේ වන විට සිදු කරමින් පවතී.
කට්ටිය හන්දියේ සිට එදිරිසිංහ මාවත දක්වා කොටසේ ඉදිකිරීම් ප්‍රමාදවීමට හේතු පහත පරිදි වේ.
a) ඇළ මාර්ගය ඉදිකිරීමට යෝජිත මාර්ගයේ රජයට අත්පත් කර ගත් සීමාවේ පිහිටි නිවාස තුනක් නීත්‍යනුකූලව ඉවත් කිරීම ප්‍රමාද වීම. (නිවාස හිමියන්ගේ විරෝධය මත)
b) යෝජිත ඇළ මාර්ගයේ පතුළෙහි මට්ටමට (Design Bed Level) වඩා ඉහළින් පිහිටි ගල් ස්ථරයක් (Bedrock) තිබීම.
ඉහත සඳහන් කළ කළු ගල් ස්ථරය (Bedrock) ඉවත් කිරීමට ප්‍රදේශයේ පවතින ස්ථිර ඉදිකිරීම් හේතුවෙන් පාලන තත්ත්වය යටතේ (Control blasting) සිදු කිරීමට පමණක් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම හා ඒ සඳහා chemical blasting සිදු කිරීමට සැලකිය යුතු කාලයක් ගත වීම. තවද, වර්ෂාව පවතින අවස්ථාවලදී chemical blasting සිදු කිරීමට නොහැකි වීම සහ ඒ සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය (Chemicals) සමහර කාලවලදී හිඟවීම. Control blasting සිදු කර ඉන්පසුව ඇළ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිම කළ දිග ප්‍රමාණය මීටර් 140ක් වේ.
c) වර්ෂා කාලවලදී ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සිදු වූයේ වැසි ජලය ගලා යෑම සඳහා විකල්ප මාර්ගයක් (Alternative route) ලබා දීම සඳහා ප්‍රමාණවත් ඉඩ ප්‍රමාණයක් නොමැතිවීමයි. එබැවින්, වර්ෂා කාලවලදී ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සිදුවීම.
ගරු කථානායකතුමනි, තව කාරණයක් සඳහන් කළ යුතුයි. මෙම කාලසීමාවේ සේවය කළ කම්කරුවන්ට කොවිඩ් වසංගතය වැලඳී තිබුණා. ඒ නිසා යම් ප්‍රමාදයක් වෙලා තිබෙනවා. ඊළඟට, මෙහි බරපතළම කාරණය මෙයයි.
d) දුම්රිය මාර්ගය ඉතා ආසන්නයේ පැවතීම හා දුම්රිය රක්ෂිතය තුළ සිටින අනවසර පදිංචිකරුවන් හේතුවෙන් ඉතා ප්‍රවේශම් සහගත ලෙස හා ආරක්ෂාකාරී ලෙස කැණීම් කටයුතු සිදු කළ යුතුව ඇත. තවද දුම්රිය මාර්ගයට හානියක් සිදු නොවන අයුරින් හා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ හා සීමා කිරීම්වලට යටත්ව ඉදිකිරීම් කටයුතු කිරීමට සිදු වූ බැවින් ව්‍යාපෘතියේ ප්‍රගතිය සඳහා එය සැලකිය යුතු බලපෑමක් විය.
e) පවතින කොවිඩ් වසංගතය හමුවේ කම්කරුවන්ට කොවිඩ් වසංගතය වැලඳීම හා අනෙකුත් සීමා කිරීම් හේතුවෙන් ව්‍යාපෘතියේ කටයුතු ප්‍රමාද විය.
(ii) ඇළ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු 30.09.2021 දින නිම කිරීමට යෝජිතය.
නමුත් මම විශ්වාස කරන්නේ නැහැ, එම දිනය වනවිට මෙම කටයුතු අවසන් කරන්න පුළුවන් වෙයි කියා.
එම ඇළ මාර්ගය අවට ප්‍රදේශයේ ජනතාවට වඩාත් ප්‍රතිලාභ ලැබෙන සේ නාගරික උද්‍යානයක් ලෙස සංවර්ධනය කරන ලෙස මෙම වසරේ මැයි මාසයේ අතිගරු ජනාධිපතිතුමා උපදෙස් දෙන ලදී. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින අතර, එම කටයුතු මෙම වසර අවසාන වන විට නිම කිරීමට නියමිතය.
අතිගරු ජනාධිපතිතුමා උපදෙස් දීලා තිබෙන්නේ කට්ටිය හන්දිය හා ඒ අවට ප්‍රදේශයේ නාගරික උද්‍යානයක් හදන්නයි. අපි එම කටයුත්ත මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් සිදු කරනවා.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-09-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks