පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-04-09
අසන ලද්දේ
ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පූජ්‍ය උඩවලවේ අමරවංශ හිමියන් 2008.11.06 දින සිට ර/බෝපිටිය විද්‍යාලයේ උප ගුරුවරයෙකු ලෙස සේවය කරන ලද බව සාවද්‍ය වන අතර, උන්වහන්සේ ගුරු සහයකයෙකු වශයෙන් සේවය කර ඇති බව රත්නපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් අංක ර/ර/කලාප/01/01/16 හා 2021.06.15 දිනැති ලිපිය මඟින් දන්වා ඇත. (ඇමුණුම* - 01)
(ii) පූජ්‍ය උඩවලවේ අමරවංශ හිමියන් ර/ධර්මාලෝක නවෝද්‍ය විද්‍යාලයේ ගුරු සහයකයෙකු ලෙස සේවය කරමින් සිටියදී බාල වයස්කාර දරුවෙකුට ලිංගික අතවර කිරීමට තැත් කිරීම මත රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නිසා ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්ගේ අංක සීඑම්/ඒඩී/6/3/30 හා 2012.04.24 දිනැති ලිපිය මඟින් වැඩ තහනම් කර ඇත. (ඇමුණුම* - 02)
(iii) නැත.
සබරගමුව පළාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්ගේ අංක ME/E/06/03/60 හා 2017.11.08 දිනැති ලිපිය (ඇමුණුම* -03) මඟින් එවකට සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරවර නියෝගය පරිදි පූජ්‍ය උඩවලවේ අමරවංශ හිමියන් ගුරු සහයක තනතුරේ නව ප්‍රවේශකයකු ලෙස 2017.11.10 දින සිට පහත සඳහන් කරුණුවලට යටත්ව ක්‍රියාත්මක වන පරිදි සේවයේ පිහිටුවා ඇත.
සේවය අවසන් කරන ලද 2012.04.24 දින සිට නැවත සේවයේ පිහිටුවා වැඩ භාර ගන්නා දින දක්වා හිඟ වැටුප් හා දීමනා නොගෙවීම.
පෙර සේවා කාලයට අදාළව කිසිදු දීමනාවක් හෝ වරප්‍රසාදයක් හිමි නොවීම.
සේවය ස්ථිර කිරීමට පෙර මාස 06ක කාලයක් තවදුරටත් ගුරු සහයක වශයෙන් සේවය කළ යුතු ය.
2017.11.10 දින සිට ගුරු සහයකයන් සඳහා ගෙවනු ලබන රුපියල් 10,000/- දීමනාව ගෙවීමට කටයුතු කරන අතර, ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්ගේ CM/AD/03/01/03 හා 2008.10.30 දිනැති ගුරු සහයක පත්වීම් ලිපියේ අනෙකුත් කොන්දේසි නොවෙනස්ව පැවතීම.
ඒ අනුව එම හිමියන් විසින් සේවය ඛණ්ඩනය වීමකින් තොරව නැවත සේවයේ පිහිටුවා ඇති බව සඳහන් කිරීම සාවද්‍ය වේ.
(iv) ඔව්.
නැවත සේවයේ පිහිටුවීමේදී හිඟ වැටුප් හා දීමනා නොගෙවීමට නියෝග කර ඇති හෙයින් හිඟ වැටුප් ගෙවා නොමැත. තවද, සබරගමුව පළාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්ගේ අංක ME/E/04-11/01/02 හා 2019.06.26 දිනැති ලිපිය (ඇමුණුම* - 04) මඟින් පූජ්‍ය උඩවලවේ අමරවංශ හිමියන් ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයට ස්ථාන මාරු කර ඇති අතර, මෙම අධ්‍යාපන කලාපයේ සේවය කළ කාලයට අදාළව ගෙවීමට හිඟ වැටුප් නොමැති බව සඳහන් කර ඇත.
(ආ) (i) නැවත සේවයේ පිහිටුවීමේදී හිඟ වැටුප් සහ දීමනා නොගෙවීමට නියෝග කර ඇති හෙයින් හිඟ වැටුප් ගෙවීම් කළ නොහැක.
(ii) ගුරු සහයක පත්වීම් ස්ථිර පත්වීමක් නොවන හෙයින් ද, 2012.04.24 දින සිට වැඩ තහනම් කර ඇති හෙයින් ද, නැවත සේවයේ පිහිටුවීමේ දී ස්ථිර කිරීමට පෙර මාස 06ක කාලයක් ගුරු සහයක ලෙස සේවය කළ යුතු බව දන්වා ඇති හෙයින් ද, 2012.12.31 දින සිට පත්වීම ස්ථිර කිරීම සිදු කළ නොහැකි බව රත්නපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් අංක ර/ර/කලාප/01/01/16 හා 2021.06.15 දිනැති ලිපියෙන් දන්වා ඇත. (ඇමුණුම* - 01)
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-06-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks