01

E   |     |  

 දිනය: 2021-04-07   පිළිතුර ලබා දී ඇත 

1352/2021: අලුත්ගම සහ දර්ගා නගරවල ජල ගැලීම් වැළැක්වීමේ ව්‍යාපෘතිය: දෙවන අදියර

----

අසන ලද දිනය

2021-04-07

අසන ලද්දේ

ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      1993 වර්ෂයට ආසන්න කාල සීමාව තුළ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ ඇති ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කාර්යාලය මඟින්, ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත බේරුවල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් අලුත්ගම බල ප්‍රදේශයේ පමණක් පොළොව මතුපිට එක්රැස් වන ජලය හේතුවෙන් සිදුවන ජල ගැලීම් පාලනය සඳහා කානු පද්ධතියක් සකස් කිරීමට අදාළව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත.

(iii) අලුත්ගම ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියෙහි දෙවන අදියරක් පැවතුණු බවට කරුණු තහවුරු නොවේ. ඉහත සඳහන් ආකාරයට බේරුවල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් දර්ගා නගර බල ප්‍රදේශය තුළ ඒ හා සමාන ව්‍යාපෘතියක් මෙතෙක් ක්‍රියාත්මක කර නොතිබීමෙන්, එම ප්‍රදේශයෙහි ජලය නිසියාකාරව බැස නොයාම හේතුකොටගෙන එහි ජීවත් වන ජනතාවට පීඩාවක් සිදුවන බවට වාර්තා වී ඇත.

(ආ) (i) එම ව්‍යාපෘතියේ දෙවන අදියරක් ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ බවක් අනාවරණය නොවේ.

බේරුවල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙහි දර්ගා නගරය උපකාර්යාල බල ප්‍රදේශය ආවරණය වන පරිදි කානු පද්ධතියක් ඉදි කිරීම සම්බන්ධයෙන් වන මහා පරිමාණ ව්‍යාපෘතියක අවශ්‍යතාව හඳුනාගෙන ඇත.

(ii) මහා පරිමාණ ව්‍යාපෘතියක් බැවින් එය ක්‍රියාත්මක කළ යුතු ආකාරය සලකා බැලීමට පළාත් පාලන කොමසාරිස් වෙත ව්‍යාපෘති යෝජනාවක් හා ඇස්තමේන්තුවක් ලබා දෙන  ලෙස දන්වා ඇත.

(iii) ඉහත (ii)ට අදාළ තොරතුරු ලැබීමෙන් අනතුරුව තීරණය කළ හැකි ය.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2021-04-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රොෂාන් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks