පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-05-05
අසන ලද්දේ
ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 2011දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද දීප ව්‍යාප්ත වනඅලි සමීක්ෂණයට අනුව වනඅලි සංඛ්‍යාව 5,879කි.
(ii) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වගා හානි සම්බන්ධයෙන් මෙතෙක් සමීක්ෂණ සිදුකර නොමැත.
(iii) ඔව්.
(ආ) (i) 2021 වර්ෂයේ ක්‍රියාකාරි සැලැස්මට අනුව දැනට බිඳවැටී පවතින විදුලි වැටවල් නැවත ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව මේ වන විට ඇස්තමේන්තු සකස් කර කලාප සහකාර අධ්‍යක්ෂවරුන් වෙත ප්‍රතිපාදන ලබා දී අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.
විදුලි වැටවල් නඩත්තු කිරීමේ කටයුතු සඳහා සිවිල් ආරක්ෂක භටයින් සෑම වනජීවී කලාපයකටම අදාළව 4,038 දෙනෙකු මේ වන විට යොදවා ඇත. මෙම පිරිසට එක් අයෙකුට දිනකට රු.250 බැගින් දින 20ක් සඳහා දීමනාවක් ලබාදෙනු ලැබේ. ඉහත කී සිවිල් ආරක්ෂක පිරිසට නවාතැන් පහසුකම් ඇතුළු අනෙකුත් උපකරණ ද විදුලි වැටවල් අධීක්ෂණයට ඉන්ධන හා තණකොළ කපන යන්ත්‍ර සඳහා ඉන්ධන ද සපයමින් අදාළ නඩත්තු කටයුතු දියත් කර ඇත.
(ii) ඔව්.
(iii) කි.මී.1,500කි.
(iv) 2021.03.31 දිනට සිවිල් ආරක්ෂක බලකා තොරතුරු අනුව සිටින සංඛ්‍යාව 4,038කි.
(ඇ) (i) අලිවෙඩි බෙදා දීම සඳහා ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කරන බැවින්, ප්‍රාදේශීය ලේකම් මඟින් ගොවි ජනතාවට ලබාදෙනු ලැබේ. මෙය අවස්ථානුකූලව සිදු කරන බැවින් මාසිකව ලබාදෙන සංඛ්‍යාව නිශ්චිත වශයෙන් කිව නොහැක. නමුත් ප්‍රාදේශීය ලේකම් වෙත අලිවෙඩි ලබාදීම සඳහා කලාප භාර සහකාර අධ්‍යක්ෂවරුන්ට මාසිකව ප්‍රමාණවත් අලිවෙඩි ලබා දී ඇත.
(ii) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඉහත ඇ (i) පරිදි එම දෙපාර්තමේන්තුව යටතේ පවතින සහකාර අධ්‍යක්ෂ කාර්යාලවලට අලිවෙඩි නිකුත් කරන අතර, එකී කාර්යාලවලින් එම අලිවෙඩි ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කිරීමෙන් පසු ප්‍රාදේශීය ලේකම් විසින් ගොවි සංවිධාන හරහා අදාළ ගොවි ජනතාව වෙත ලබා දෙනු ලැබේ.
(ඈ) අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.
පිළිතුරු දුන් දිනය
2021-08-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විමලවීර දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks