පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1334/2020
ගරු කේ.පී.එස්. කුමාරසිරි මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රජයේ ආයුර්වේද රෝහල්;
(ii) එම රෝහල් සඳහා අනුමත ආයුර්වේද වෛද්‍යවරුන්, මේ වනවිට සේවය කරනු ලබන වෛද්‍යවරුන් සහ පවතින වෛද්‍ය පුරප්පාඩු;
(iii) එම රෝහල්වල අනෙකුත් තනතුරුවල පවතින පුරප්පාඩු;
සංඛ්‍යාව කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) දිස්ත්‍රික්කයේ සිටින ලියාපදිංචි පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයන් සංඛ්‍යාව කොපමණද;
(ii) ඔවුන්ගේ දැනුම සහ කුසලතා වර්ධනය සඳහා සකස් කර ඇති වැඩපිළිවෙළ කවරේද;
(iii) නව පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයන් ලියාපදිංචිය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(iv) පාරම්පරික ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඉගැන්වීම සඳහා වෛද්‍ය විද්‍යාල ස්ථාපනය කිරීම සඳහා සැලසුම් කර තිබේද;
(v) එසේ නම්, එම සැලසුම් කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින ආයුර්වේද ඔසු උයන් සංඛ්‍යාව කොපමණද;
(ii) දිස්ත්‍රික්කයේ ස්ථාපනය කිරීමට යෝජිත නව ආයුර්වේද ඔසු උයන් සංඛ්‍යාව කොපමණද;
(iii) දේශීය ඔසු වර්ග නිෂ්පාදනය සහ පර්යේෂණ සඳහා වැඩපිළිවෙළක් සකස්කර තිබේද;
(iv) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;
යන්න වැඩිදුරටත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-12-04
අසන ලද්දේ
ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ආයුර්වේද රෝහල් සංඛ්‍යාව 06කි.
(ii) එම රෝහල් සඳහා අනුමත වෛද්‍යවරුන්, මේ වන විට සේවය කරනු ලබන වෛද්‍යවරුන් සහ පවතින වෛද්‍ය පුරප්පාඩු සංඛ්‍යාව ඇමුණුම** මඟින් දක්වා ඇත.
(iii) එම රෝහල්වල පවතින අනිකුත් තනතුරු පුරප්පාඩු සංඛ්‍යාව පහත පරිදි වේ.
|
වර්ගය |
රෝහලේ නම |
පවතින පුරප්පාඩු සංඛ්‍යාව |
|
මධ්‍යම රජයට අයත් ආයුර්වේද රෝහල් |
පාරම්පරික ආයුර්වේද පර්යේෂණ රෝහල - මිහින්තලය වකුගඩු පර්යේෂණ ආයුර්වේද රෝහල - මැදවච්චිය |
11 05 |
|
උතුරු මැද පළාත් සභාව යටතේ පිහිටා ඇති ආයුර්වේද රෝහල් |
පළාත් ආයුර්වේද රෝහල, අනුරාධපුරය ග්‍රාමීය ආයුර්වේද රෝහල, තඹුත්තේගම ග්‍රාමීය ආයුර්වේද රෝහල, ගාලදිවුල්වැව ග්‍රාමීය ආයුර්වේද රෝහල, පදවිය |
17 08 17 07 |
(ආ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිටින ලියා පදිංචි පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරු සංඛ්‍යාව 907කි.
(ii) ආයුර්වේද වෛද්‍ය සභාව සහ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය එක්ව වාර්ෂිකව වෘත්තීය සංවර්ධනය සඳහා දීප ව්‍යාප්ත වැඩසටහන් සකස් කොට පවත්වාගෙන යාම.
(iii) නව පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් ලියා පදිංචිය සඳහා දැනටමත් අයදුම් පත් කැඳවීම කර ඇති අතර දැනටමත් ලැබී ඇති හා මූලික අවශ්‍යතාවන් සපුරා ඇති අයදුම්කරුවන් උදෙසා වන වාචික පරීක්ෂණ දිස්ත්‍රික් මට්ටමින් පවැත්වෙමින් පවතී. අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැනට ඉල්ලුම් පත් ඉදිරිපත් කොට ඇති හා මෙලෙස වාචික පරීක්ෂණ සඳහා සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන් උදෙසා වූ පරීක්ෂණ මෙම වසරේ දෙසැම්බර් මස 01 සහ 02 දිනයන්හි උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් කාර්යාලයේදී පැවැත්වීමට සැලසුම් කොට ඇත. එසේම ලිඛිත පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ගේ පරීක්ෂණ පැවැත්වීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විභාග අංශය විසින් අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතී.
(iv) නැත.
(v) පැන නොනඟී.
(ඇ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඔසු උයන් සංඛ්‍යාව 10කි.
(ii) 2022 වර්ෂයේ කැබිතිගොල්ලෑවේ නව ඔසු උයනක් ස්ථාපිත කිරීමට යෝජිතව පවතී.
(iii) ඔව්.
(iv) දේශීය ඖෂධ නිෂ්පාදන සඳහා සකස් කර ඇති වැඩ පිළිවෙළ.
* ගොවීන්ගේ සහභාගිත්වයෙන් පෞද්ගලික වතු සහ ගෙවතු ආශ්‍රිතව සුව ධරණී ඔසු ගම්මාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම.
* ආයුර්වේද සංරක්ෂණ සභා, රාජ්‍ය ආයතන, පාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල සහ ගෙවතුවල ඔසු වගා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
* හරිතකී නගර ආශ්‍රිත ඔසු වගා උද්‍යාන 500ක් ඇති කිරීම.
* ග්‍රාමීය ප්‍රජා සහභාගිත්වය ඇතිව මී පැණි සහ ඖෂධීය තෙල් නිෂ්පාදන ගම්මාන ඇති කිරීම.
* දිගු කාලීන ව්‍යාපෘතියක් ලෙස පැළ දසලක්ෂයක් අවුරුදු 03ක් ඇතුළත සිටුවා වඳවීමේ තර්ජනයට ලක්වී අති ඖෂධීය ශාක සංරක්ෂණය සඳහා පියවර ගැනීම.
දේශීය වෛද්‍ය පර්යේෂණ සඳහා සකස් කර ඇති වැඩ පිළිවෙළ.
* පටක රෝපණ තාක්ෂණය යොදා ගනිමින් දුර්ලභ සහ වඳවීමේ තර්ජනයට ලක්වී ඇති ඖෂධ පැළෑටි බෝ කර ගැනීම පිළිබඳ පර්යේෂණ සිදු කිරීම.
* එවැනි දුර්ලභ ශාක වර්ග වන ඒකාවේරිය, බිං කොහොඹ සහ දුහුඳු වැනි ශාක පටක රෝපණය මඟින් පැළ ලබා ගැනීමට කටයුතු කිරීම.
* දුර්ලභ ඖෂධීය ශාක ප්‍රචාරණය සඳහා අවශ්‍ය බීජ ප්‍රරෝහණ ක්‍රම පිළිබඳ පර්යේෂණ කිරීම සහ බීජ බැංකු පවත්වාගෙන යාම.
* දැනට ආනයනය කරනු ලබන එහෙත් මෙරට වගා කළ හැකි ඖෂධීය ශාක විශේෂ වැඩිදියුණු කර ගැනීම සඳහා ශාක අභිජනන පර්යේෂණ සිදු කර තත්ත්වයෙන් උසස් රෝපණ ද්‍රව්‍ය ඔසු ගොවීන්හට ලබා දීමට කටයුතු කිරීම.
* නිවැරැදි ඖෂධ අමුද්‍රව්‍ය හඳුනා ගැනීම පිළිබඳ තත්ත්ව පර්යේෂණ සිදු කිරීම.
* ආදේශක ඖෂධ සහ ප්‍රතිනිධි ඖෂධ පිළිබඳව රසායන පර්යේෂණ සිදු කිරීම.
* නිමි ඖෂධ සහ ඖෂධ අමුද්‍රව්‍යවල ක්ෂුද්‍ර ජීවී විශ්ලේෂණය පිළිබඳ පර්යේෂණ සිදු කිරීම.
* නිමි ඖෂධ සහ ඖෂධීය අමුද්‍රව්‍ය සඳහා ප්‍රමිති සකස් කිරීම.
(ඈ) පැන නොනඟී
පිළිතුරු දුන් දිනය
2021-12-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks