01

E   |     |  

 දිනය: 2021-07-08   පිළිතුර ලබා දී ඇත 

1281/2021: Ownership issues for residents in Sewanagala area

1281/2020

ගරු කුමාරසිරි රත්නායක මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මොණරාගල, සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථිර හෝ තාවකාලික නිවාසවල පදිංචිව සිටින පවුල් සංඛ්‍යාව;

            (ii)       එම පදිංචිකරුවන්ගෙන් ඔප්පු හෝ බලපත්‍ර ලබාදී ඇති සංඛ්‍යාව;

(iii) ඉහත (ii) හි ඉඩම් අතරින් ඉඩම් අමාත්‍යාංශය සතු ඉඩම් ප්‍රමාණය;

කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ඔප්පු හෝ බලපත්‍ර ලබා දී නොමැති ඉඩම්වල, ස්ථිර හෝ තාවකාලික නිවාස ඉදිකර ඒවායේ පදිංචි වී සිටින පවුල් ඇති බව දන්නේද;

(ii) එසේ නම්,  එම පවුල් පදිංචි වී සිටින ඉඩම් අතරින් ඉඩම් අමාත්‍යාංශය සතු ඉඩම් ප්‍රමාණය කොපමණද;

(iii) බලපත්‍ර නොමැති ඉඩම් සඳහා බලපත්‍ර ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කර තිබේද;

          (iv) එසේ නම්, එම බලපත්‍ර ලබා දෙන දිනය කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-07-08

අසන ලද්දේ

ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks