පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1280/2020
ගරු කුමාරසිරි රත්නායක මහතා,— වැවිලි අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ වාර්ෂික ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන්වලින් කොපමණද;
(ii) ඉහළ ගම්මිරිස් අස්වැන්නක් ලබන දිස්ත්‍රික්ක කවරේද;
(iii) එම එක් එක් දිස්ත්‍රික්කයේ වාර්ෂික ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන්වලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ගම්මිරිස් හැර වෙනත් කුළුබඩු වර්ග ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන්නේද;
(ii) එසේ නම්, ඒවා කවරේද;
(iii) එම එක් එක් කුළුබඩු වර්ගයේ වාර්ෂික අවශ්‍යතාවය සහ ආනයනය කරනු ලබන ප්‍රමාණය මෙට්‍රික් ටොන්වලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ආනයනය කරනු ලබන කුළුබඩු වර්ගවල දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-03-25
අසන ලද්දේ
ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
වර්ෂය |
අස්වැන්න (මෙට්‍රික් ටොන්) |
|
2018 |
22,551 |
|
2019 |
22,156 |
|
2020 |
23,970 |
මූලාශ්‍රය: අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තු දත්ත පද්ධතිය
(ii) රත්නපුරය, මාතලේ, මහනුවර, බදුල්ල, මොණරාගල, කුරුණෑගල, හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඉහළ ගම්මිරිස් අස්වැන්නක් ලැබේ.
(iii)
|
දිස්ත්‍රික්කය |
අස්වැන්න (2020) මෙට්‍රික් ටොන් |
|
රත්නපුරය |
4,126 |
|
මාතලේ |
3,952 |
|
මහනුවර |
3,341 |
|
බදුල්ල |
3,368 |
|
මොණරාගල |
1,992 |
|
කුරුණෑගල |
1,858 |
|
හම්බන්තොට |
1,314 |
මූලාශ්‍රය: අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තු දත්ත පද්ධතිය
(ආ) (i) ගම්මිරිස් ඇතුළු අනෙකුත් කුළුබඩු මේ වනවිට මෙරටට ආනයනය නවතා ඇත.
2019.12.06 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදන අංක 2152/63 හා 2020.05.22 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදන අංක 2176/19 ප්‍රකාරව කුරුඳු, ගම්මිරිස්, කරාබු, සාදික්කා, වසාවාසි, කරදමුංගු (එනසාල්), පුවක්, ඉඟුරු සහ කහ යන භෝග නිෂ්පාදන මෙරටට ආනයනය කිරීම අත් හිටුවනු ලැබූ අතර 2020.08.18 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදන අංක 2189/4 මගින් එම තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කරනු ලැබිණි.
2020.04.16 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදන අංක 2171/5 මගින් අපනයන කෘෂි භෝග ආශ්‍රිතව නිෂ්පාදනය කරන තෙල් හා ඔලියොරෙසීන මෙරටට ආනයනය සඳහා වාරණ නිකුත් කර ඇත.
එමෙන්ම බුලත් මෙරටට ආනයනය කිරීම ශාක නිරෝධායන පනත (Plant Quarantine Act) යටතේ තහනම් කර ඇත.
කුළු බඩු වර්ග ආනයනය කිරීම වාරණය කර ඇති අතර ඒවා ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන පමණක් සුළු පරිමාණවලින් ආනයනය කිරීම නිරීක්ෂණය වේ. නමුත් පානීය භෝග වශයෙන් සැලකෙන කෝපි (බදින ලද), කොකෝවා සහ වැනිලා යන අපනයන භෝග නිෂ්පාදන මෙරටට ආනයනය සඳහා ඉහත ගැසට් නිවේදන මගින් වාරණ නිකුත් කර නොමැත.
(ii) කුළු බඩු භෝග ආනයනය නොකරන නමුත් පානීය භෝග ලෙස සැලකෙන කෝපි (බදින ලද), කොකෝවා හා වැනිලා ආනයනය සඳහා අවකාශ ඇත.
(iii) පහත වගුවේ දැක්වේ.
මූලාශ්‍රය: ශ්‍රී ලංකා රේගුව
(iv) ආනයනය සඳහා වාරණ නිකුත් කිරීමත් සමඟ දේශීය කහ, ඉඟුරු සහ එනසාල්වල හිඟතාවක් ඇතිවීම මඟහරවා ගැනීම සඳහා දෙපාර්තමේන්තුව විසින් වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී. ඒ යටතේ,
· කහ සහ ඉඟුරු වගා සංවර්ධනය සඳහා ආයෝජන ආධාර ක්‍රමයක් ක්‍රියාවට නැංවේ. සක්‍රීය වගා වපසරිය හෙක්ටෙයාර එකක් දක්වා සපයා ගනු ලබන කහ බීජ අල කිලෝග්‍රෑම් එකකට රුපියල් 150.00 බැගින් උපරිම බීජ අල කිලෝග්‍රෑම් 1,500ක් දක්වා ද, සක්‍රිය වගා වපසරිය හෙක්ටෙයාර එකක් දක්වා සපයා ගනු ලබන ඉඟුරු බීජ අල කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 150.00 බැගින් ඉඟුරු බීජ අල කිලෝග්‍රෑම් 1,250ක උපරිමයක් දක්වා ආධාර මුදල් ගෙවනු ලැබේ.
ගරු මන්ත්‍රීතුමනි, අපි දැන් කහ වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරමින් සිටිනවා. අපේ දේශීය කහ අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 8,000ක් වනවා. ඒ වෙනුවට අමු කහ මෙට්‍රික් ටොන් 70,000ක් ලබා ගැනීමට අපි ඒ වගා කටයුතු කර තිබෙනවා. පවුල් ලක්ෂ 15කට කහ පැළ ලබා දී තිබෙනවා. ඒ වාගේම, සහනාධාරය දෙගුණ කර දී තිබෙනවා. ඒ නිසා 2021 අවුරුද්ද අවසානයේත්, මහ කන්නයේ අස්වැන්න ලැබෙන විටත් කහවලින් මේ රට ස්වයංපෝෂිත වෙනවා. කහ මිල අඩු කිරීම සඳහා කුළුබඩු සංස්ථාව මැදිහත් කරගෙන සතොස හා සමුපකාර සමිතිවලින් කහ ලබා දීම තුළින් අපි කහ මිල පාලනය කර තිබෙනවා. සියලු භෝග වර්ග ප්‍රවර්ධනය කිරීම සඳහා පසුගිය අවුරුද්දේ රුපියල් මිලියන 1,200ක් සහනාධාර හැටියට ජනතාවට ලබා දීමට අපි කටයුතු කර තිබෙනවා.
· කහ, ඉඟුරු සහ එනසාල් ගෙවතු වගා සඳහා නොමිලේ පැළ/බීජ සහ ගෘහස්ථ පරිභෝජනය සඳහා කහ සහ ඉඟුරු ගෘහාශ්‍රිතව සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම දෙපාර්තමේන්තුව විසින් ලබා දෙනු ලැබේ.
· දේශීය එනසාල් නිෂ්පාදනය ඉහළ නැංවීමේ ක්‍රමෝපායක් ලෙස පොකුරු ගම්මාන (Cluster Villages) ඇති කිරීමට මේ වනවිට පියවර ගෙන ඇත.
ආනයනය කරනු ලබන පානීය භෝග වර්ග නිෂ්පාදනය ඉහළ නැංවීමට දෙපාර්තමේන්තුව විසින් ගෙන ඇති පියවර පහත පරිදි වේ.
· නව වගා ප්‍රවර්ධන වැඩසටහන යටතේ කෝපි සහ කොකෝවා පැළ වගාකරුවන් වෙත නොමිලේ (හෙක්ටෙයාර දෙකක උපරිමයකට යටත්ව) ලබා දෙන අතර අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දීම, වගා ක්ෂේත්‍ර පරීක්ෂාවන් සහ අවශ්‍ය විටකදී පාංශු පරීක්ෂාවන් සිදු කරදීම වැනි තවත් සේවාවන් දෙපාර්තමේන්තුව විසින් නොමිලේ සපයනු ලැබේ.
· අපනයන කෘෂි භෝග වගාවන්හි ඵලදායීතාව නැංවීමේ වැඩසටහන (PIP) යටතේ වගා ක්ෂේත්‍රය තුළ පවතින පාළු ප්‍රමාණය මත පදනම්ව සියයට 50ක උපරිම පාළු ප්‍රතිශතයකට යටත්ව නොමිලේ පැළ නිකුත් කෙරේ. ඵලදායිතා ප්‍රවර්ධන ආයෝජන යෝජනා ක්‍රමය යටතේ කොකෝවා සහ කෝපි වගා හෙක්ටෙයාර එකක් සඳහා රුපියල් 75,000ක ආධාර මුදලක් වගාකරුවන් වෙත ලබා දෙනු ලැබේ.
· ඉහත භෝග සකස් කිරීම හා අගය නිෂ්පාදනය පිළිබඳ තාක්ෂණික දැනුම ලබා දීම පිණිස පුහුණු වැඩසටහන් හා දැනුවත් කිරීමේ වැඩසටහන් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබයි.
· ගොවීන් කණ්ඩායම්ගත කිරීම සහ ඔවුන් ගැනුම්කරුවන් සහ අපනයනකරුවන් සමඟ සම්බන්ධීකරණය කිරීම සඳහා ද දෙපාර්තමේන්තුව මැදිහත් වී ක්‍රියා කරමින් පවතියි.
· මෙම අපනයන කෘෂි භෝගවලට සිදුවිය හැකි පළිබෝධ/සත්ත්ව හානි වළක්වා ගැනීමේ උපාංග/පද්ධති හඳුන්වා දීම හා ඒ සඳහා පහත පරිදි ආයෝජන ආධාර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් පවතියි.
|
වපසරිය |
අ.කෘ.දෙ. මගින් ගෙවන මුදල (රුපියල්) |
|
අක්කර ¼ (හෙක්ටෙයාර 0.1) |
35,000.00 |
|
අක්කර ½ (හෙක්ටෙයාර 0.2) |
40,000.00 |
|
අක්කර ¾ (හෙක්ටෙයාර 0.3) |
45,000.00 |
|
අක්කර 01 (හෙක්ටෙයාර 0.4) |
50,000.00 |
|
අක්කර 01 (හෙක්ටෙයාර 0.4)ට වඩා වැඩි ඉඩම් සඳහා පද්ධතිය සවිකර ඇති විට අක්කර 05 (හෙක්ටෙයාර 2)ක උපරිමය දක්වා වැඩි වන සෑම අක්කරයකටම රුපියල් 20,000.00 බැගින් ගෙවිය හැකිය. අක්කරයකට අඩු කොටස් වශයෙන් වැඩි වනවිට අනුපාතිකව ගණනය කර ගෙවිය යුතුය. |
|
· පසු අස්වනු තාක්ෂණ වැඩසටහන යටතේ ඉහත භෝග සැකසීම සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මෙන්ම සැකසුම් මධ්‍යස්ථාන ඇති කිරීම සඳහා ආයෝජන ආධාර ලබා දෙනු ලැබේ.
· යහපත් නිෂ්පාදන පිළිවෙත් (GMP), ISO22000 තත්ත්ව සහතිකකරණය, HACCP සහතිකකරණය සහ කාබනික වගා සහතිකකරණය සඳහා වන ආයෝජන ආධාර ක්‍රමයක් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරමින් පවතී.
a) යහපත් නිෂ්පාදන පිළිවෙත් (GMP) සඳහා යෝජිත ආයෝජන ආධාර ක්‍රමය
|
|
සැකසුම් මධ්‍යස්ථානයේ / ව්‍යාපාරයේ වාණිජ වටිනාකම (රුපියල් මිලියන) |
ආයෝජන ආධාර මුදල (රුපියල්) |
|
1 |
රුපියල් මිලියන 01ට අඩු |
50,000.00 |
|
2 |
රුපියල් මිලියන 01ත් 05ත් අතර |
75,000.00 |
|
3 |
රුපියල් මිලියන 05ත් 10ත් අතර |
100,000.00 |
|
4 |
රුපියල් මිලියන 10ට වැඩි |
125,000.00 |
b) ISO 22000/HACCP/FSSC 22000/ BRCGS සඳහා යෝජිත ආයෝජන ආධාර මුදල - Rs. 2,50,000.00
c) කාබනික සහතිකකරණය -
|
සහතිකකරණ වර්ෂය ආයෝජන ආධාර මුදල (රුපියල්) |
|
|
|
1 |
පළමු වර්ෂය |
200,000.00 |
|
2 |
දෙවන වර්ෂය |
150,000.00 |
|
3 |
තුන්වන වර්ෂය |
100,000.00 |
d) කාබනික වගා වැඩසටහන
අපනයන කෘෂි භෝගවල සාමාන්‍ය වගා භූමි කාබනික වගා බවට පරිවර්තනය කිරීම සඳහා මෙම ආධාර යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ. එහිදී වගා පරිවර්තන අවදියේදී සිදු වන අස්වනු අඩුවීම සඳහා වන වන්දියක් ලෙස සලකා මෙම ආධාරය ලබා දෙනු ලැබේ.
|
කාල සීමාව |
ආධාර මුදල (හෙක්ටෙයාරයට රුපියල්) |
|
අවුරුදු 1 |
40,000.00 |
|
අවුරුදු 2 |
40,000.00 |
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-11-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජානක වක්කුඹුර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks