04

E   |     |  

 දිනය: 2021-11-08   පිළිතුර ලබා දී ඇත 

1278/2021: තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් පත් කිරීම : විස්තර

----

අසන ලද දිනය

2021-11-08

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වි‍දේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      වර්තමාන ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද තානාපතිවරුන්ගේ සහ මහකොමසාරිස්වරුන්ගේ විස්තර ඇමුණුම** යටතේ දක්වා ඇත.

              (ii)      තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ලෙස ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරින් පත් කිරීමේදී ඔවුන්ගේ සේවා ජ්‍යෙෂ්ඨත්වය, විදේශ සේවයේ අත්දැකිම් හා පළපුරුද්ද සලකා බලන අතර, ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරින්ගෙන් පරිබාහිර පත් කිරීම්වලදී ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම්, ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම සහ ජාතික වශයෙන් දක්වන ලද විශිෂ්ටතා සහ කර්තව්‍යයන් සලකා බලා අදාළ පත් කිරීම් අතිගරු ජනාධිපතිතුමන් විසින් සිදු කරනු ලැබේ.

(iii) මෙම අමාත්‍යාංශයේ වාර්ෂික ක්‍රියාකාරි සැලැස්ම - Action Plan - සකස් කිරීමේදී එක් එක් තානාපති/මහකොමසාරිස් කාර්යාල සඳහා වෙන් වෙන්ව ක්‍රියාකාරි සැලැසුම් පිළියෙල කරන අතර එම ක්‍රියාකාරි සැලැස්ම අනුව අපේක්ෂිත අරමුණු හා ඉලක්ක වෙත ළඟාවීමේ වගකීම සියලු තානාපති හා මහකොමසාරිස් කාර්යාලවල තානාපතිවරුන්/මහකොමසාරිස්වරුන් වෙත පවරා දී ඇත.

(iv) වාර්ෂිකව විදේශ අමාත්‍යාංශය විසින් ප්‍රගති සමාලෝචන වාර්තාවක් - Annual Progress Report - සකස් කරන අතර එම වාර්තාව මඟින් තානාපති හා මහකොමසාරිස් කාර්යාලවල අපේක්ෂිත අරමුණු හා ඉලක්ක වෙත ළඟාවීමේ ප්‍රගතිය විමර්ශනය කරන අතර ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී එකී නිරීක්ෂණ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා යෝග්‍ය පරිදි භාවිත කරනු ලබයි.

(ආ) පැන‍ නොනඟී.

පිළිතුරු දුන් දිනය

2021-11-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks