01

E   |     |  

 දිනය: 2021-06-11   පිළිතුර ලබා දී ඇත 

1203/2021: අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව්: ප්‍රතිසංස්කරණය

----

අසන ලද දිනය

2021-06-11

අසන ලද්දේ

ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මහා වාරිමාර්ග යටතේ ගැනෙන වැව් 14ක් ඇති අතර ඒවායේ වගා වපසරිය ආසන්න වශයෙන් අක්කර 80,054කි.

              (ii)      අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මධ්‍ය වාරිමාර්ග යටතේ වැව් 85ක් ඇති අතර ඒවායේ වගා වපසරිය ආසන්න වශයෙන් 28,523කි.

              (iii)      පළාත් වාරිමාර්ග යටතේ ඇති වැව් හා වගා වපසරියන් පිළිබඳව දත්ත වාර්මාර්ග දෙපාර්තමේන්තුව සතුව නොමැත.

(iv) වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ඉහත දක්වන ලද මහා වාරිමාර්ග වැව් පද්ධති අතුරින් බසවක්කුලම වැවේ පමණක් ජපන් ජබර ආදී ජලජ ශාක සුළු ප්‍රමාණයක් නිරීක්ෂණය වී ඇති අතර, ප්‍රධාන වැව්වලට අනුබද්ධ ඇළ පද්ධතිය තුළ පිහිටි පොකුණු හා කුඩා වැව් ලෙස පවතින අන්තර් ජලාශවල මෙම ජලජ ශාක බහුලව දක්නට ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් වාර්තා කර ඇත. කිසියම් වැවක් කාලානුරූපව ගොඩවීම ස්වාභාවික ක්‍රියාවලියකි (Eutrophication). එමඟින් සිදුවී ඇති ක්‍රමික ගොඩවීම තුළ මහා වාරිමාර්ග ව්‍යාපාරවල ජල ධාරිතාව සුළු වශයෙන් අඩු විය හැක.

එහෙත්, මධ්‍ය පරිමාණ වැව්වල මෙම තත්ත්වය නිසා ධාරිතාවයේ තරමක් දුරට අඩුවීමක් සිදුවී ඇති බව පිළිගනිමි.

(ආ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහා වාරිමාර්ග ව්‍යාපාර ආශ්‍රිතව, පසුගිය කාලයේ පැවති ව්‍යාපෘති කිහිපයක් මඟින් වැව් බැමි හා ඇළ පද්ධතිවල සැලසුම් සහගත ප්‍රතිසංස්කරණයන් රාශියක් සිදු කර ඇති අතර, මධ්‍ය වාරිමාර්ග ව්‍යාපාර කිහිපයක ද, වැව් බැමි හා ඇළ පද්ධතිවල ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇත. එමෙන්ම මහා වාරිමාර්ග ව්‍යාපාරයක් වන බසවක්කුලම වැවේ දැනට වර්ධනය වී ඇති ජලජ ශාක ඉදිරියේදී දෙපාර්තමේන්තු යන්ත්‍ර යොදාගෙන ඉවත් කිරීමට සැලසුම් කර ඇත.

(ii) ඔව්. සැල්වීනියා හා ජපන් ජබර කාබනික පොහොර නිෂ්පාදනයට සම්බන්ධ කිරීමට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට කිහිපයක් මේ වන විටත් සිදු කර ඇත. දිවයින පුරා ඇති ජලාශ සහ ජල මාර්ග ආශ්‍රිතව, ජලජ ශාක ඉවත් කරමින් ඒවා කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන් සඳහා යොදා ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර මේ වන විටත් දියත් කෙරෙමින් පවතී.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-10-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සිරිපාල ගමලත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks