01

E   |     |  

 දිනය: 2021-06-25   පිළිතුර ලබා දී ඇත 

1200/2021: අනුරාධපුර මහ රෝහල: විස්තර

----

අසන ලද දිනය

2021-06-25

අසන ලද්දේ

ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ තනතුර අවසන් සේවා තනතුරක් වන අතර ඒ සඳහා වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කළ යුතු වේ. නමුත් 2018 සිට එම පුරප්පාඩුව සඳහා ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ වාර්ෂික ස්ථාන මාරුවල කිසිදු නිලධාරියෙකු මෙම තනතුර සඳහා ඉල්ලුම් කර නොමැති හෙයින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තාවකාලික පදනම මත අධ්‍යක්ෂ ධුරයේ රාජකාරි ආවරණය කිරීම සඳහා පත් කර ඇත.

(ii) වෛද්‍යවරුන් සංඛ්‍යාව 282කි.

(iii) වෛද්‍ය පුරප්පාඩු සංඛ්‍යාව 118ක් වෙනවා, cadre එකේ හැටියට.

(iv) හෙද කාර්ය මණ්ඩල සංඛ්‍යාව 1,054කි.

(v) හෙද කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යාව 265කි.

(ආ) (i) JICA ආධාර යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකය ඉදිකිරීමට සැලසුම් කර ඇති අට මහල් ගොඩනැගිලි සංකීර්ණයේ වර්තමාන තත්ත්වය පහත දක්වා ඇත.

ව්‍යාපෘති භූමියේ බිම් සැකසුම් කිරීම අවසන් කර ඇත.

මූලික ඉදිකිරීම් සැලසුම් සහ උපකරණ සැලසුම් සකස් කර ඇත.

ඉදිකිරීම් සැලසුම් සහ උපකරණ ලැයිස්තු සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අරමුදල් සපයන ආයතන වන JICA ආයතනය විසින් අනුමත කර ඇත.

උපකරණ සඳහා පිරිවිතර, ඉදිකිරීම් සඳහා විස්තරාත්මක සැලසුම් සහ අන්තර්ජාතික තරගකාරී ලංසු තැබීම සඳහා ටෙන්ඩර් ලේඛන, ව්‍යාපෘති උපදේශකවරුන් විසින් ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ සහ රෝහලේ සායනික කාර්ය මණ්ඩලයේ මග පෙන්වීම යටතේ සකස් කරනු ලැබේ.

2021 වර්ෂය අවසානයේදී ඉදිකිරීමේ හා උපකරණ සැපයීම සඳහා මිල ගණන් කැඳවනු ලැබේ.

2025 අවසානයේදී ව්‍යාපෘතිය අවසන් කර සේවාවන් ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

(ii) අනුරාධපුර මහ රෝහලෙහි විශේෂිත ළමා හා මාතෘ ඒකකය පිහිටුවීම සඳහා ජාතික ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ජනරාල්ගේ 2016.02.02 දිනැති ලිපිය අනුව රුපියල් මිලියන 250ක් වෙන් කරන ලදී. 2017 වර්ෂයේ අය වැය ප්‍රතිපාදන මගින් මේ සඳහා මුදල් වෙන් කර ඇත. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන ස්ථානය පිළිබඳ ගැටලු සහ ව්‍යාපෘතියේ අරමුණ වෙනස්වීම - scope change - නිසා නැවත ජාතික ක්‍රම සම්පාදන අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇත.

(iii) අනුරාධපුර ශික්ෂණ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සඳහා 2017.07.04 අමාත්‍ය මණ්ඩල පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අවම ලංසුකරු වන M/s Electro Metal Pressings (Pvt.) Ltd. වෙත රුපියල් මිලියන 342.9ක මුදලකට ප්‍රදානය කර ඇත. නමුත් කොන්ත්‍රාත්කරුගේ දුර්වල කාර්ය සාධනය නිසා එම කොන්ත්‍රාත්තුව අවලංගු කර ඇති අතර ව්‍යාපෘතිය ප්‍රති-ඇස්තමේන්තුගත කිරීම සඳහා CECB ආයතනයට පවරා ඇත.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2022-02-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks