පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-06-22
අසන ලද්දේ
ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඇමුණුමෙහි (අ) යටතේ සඳහන් වේ.
ගරු මන්ත්‍රීතුමා, යහ පාලන ආණ්ඩුව කාලයේ නොවෙයි, 2014 වර්ෂයේදී, අපේ ආණ්ඩුව කාලයේ නිෂ්පාදනය කළ වී අස්වැන්නෙන් වී මෙට්‍රික්ටොන් 323,000ක් පමණ රජය මිල දී ගෙන තිබෙනවා. එදා වී නිෂ්පාදනය වැඩි වූ නිසා තමයි මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කළේත්. 2014 වර්ෂයේදී, අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව යටතේ නිෂ්පාදනය කරන ලද වී මෙට්‍රික්ටොන් 323,636ක් රජය මිලදී ගෙන තිබෙනවා.
(ii) ඇමුණුමේ (ආ) යටතේ සඳහන් වේ. ඇමුණුම සභාගත* කරනවා.
(iii) කිලෝග්‍රෑම් 88,615,914
(iv) රුපියල් 24.00
(v) රුපියල් 2,487,744,012.70 (රුපියල් බිලියන 2.48ක්)
(ආ) අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමනි, මෙය පසුගිය රජය යටතේ සිදු වී තිබෙන විශාල වංචාවක් බව මා ඔබතුමාට කියන්න ඕනෑ. වැඩි මිලට වී අරගෙන වී අලෙවි මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කිසිදු අනුමැතියකින් තොරව එවකට හිටපු අමාත්‍යවරයා විසින් රුපියල් බිලියන 2.48ක් පාඩු කරමින් එම වී සත්ව ආහාර සඳහා ඉතාම අඩු මිලට විකුණා තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු ඇමුණුමේ සඳහන්ව තිබෙනවා.
පිළිතුරු දුන් දිනය
2021-06-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks