01

E   |     |  

 දිනය: 2021-11-08   පිළිතුර ලබා දී ඇත 

1105/2021: පොල් වගාව වැඩි දියුණු කිරීම: පියවර

----

අසන ලද දිනය

2021-11-08

අසන ලද්දේ

ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       නැත. පොල් වගාවේ පැහැදිලි දියුණුවක් පෙන්නුම් කරයි.

(ආ)         (i)      නව ඉඩම්වල පොල් වගා කිරීම සඳහා පොල් වගාකරුවන්ට සහනාධාරයක් ලබා දීම

                 ·      නව ඉඩම්වල පොල් වගා කිරීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය ක්‍රමවත් වගාව යටතේ සහනාධාර ලබා දේ. එම සහනාධාරය යටතේ නව පොල් වගාවක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පොල් පැළ සහනදායි මිලට පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් ලබාගත හැක. එහිදී තෝරාගත් වගාකරුවන්ට රුපියල් 250ක් වටිනා පොලි බෑග් පැළයක් රුපියල් 150කට ද රුපියල් 175ක් වටිනා බිම් පැළයක් රුපියල් 75 කට ද ලබාගත හැක.

· 2021 වසරේදී මෙම සහනාධාරය යටතේ පැළ 741,500 වගා කරනු ලැබූ අතර, වෙන් කරනු ලැබූ ප්‍රතිපාදන රුපියල් මිලියන 74.15කි. මීට අමතරව ගෙවතු වගාව මඟින් ද පැළ 2,470,000ක් වගා කරනු ලබන අතර, ඒ සඳහා රුපියල් මිලියන 121ක ප්‍රතිපාදන වෙන් කර ඇත. ("සෞභාග්‍යා" ගෙවතු වගා වැඩසටහන යටතේ පැළ 1,000,000ක් ලබා දේ.) වාණිජ මට්ටමේ පොල් වගාකරුවන් සඳහා පොල් පැළ 800,000ක් මුදලට අළෙවි කරයි.

· 2022 වසරේදී නව/නැවත/යටි වගාව ලෙස පැළ මිලියන 1.28ක් වගා කරන අතර, රුපියල් මිලියන 128.00ක් ඒ සඳහා වෙන් කිරීමට අපේක්ෂිතය. එමෙන්ම, ගෙවතු වගාව යටතේ පැළ මිලියන 1.8ක් සිටුවනු ලැබේ. ඒ සඳහා රුපියල් මිලියන 80ක ප්‍රතිපාදන වෙන් කිරීමට අපේක්ෂිතය.

(ii) පවතින පොල් වගාව අතර පොල් ලෙලි වැළලීම, කාණු අගල් ඉදිකිරීම සඳහා සහනාධාර ලබා දීම

· පොල් වගාකිරීමේ මණ්ඩලය මඟින් පොල් ඉඩම් පුනරුත්ථාපන සහනාධාර වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ යටතේ පොල් ඉඩමේ තෙතමනය ආරක්ෂා කිරීම සඳහා ලෙලි වැළලීමත් පාංශු සංරක්ෂණය සඳහා කාණු අගල් ඉදිකිරීමට සහනාධාර ලබා දීමත් සිදු කරයි. මෙම සහනාධාරය පැකේජ ක්‍රමයට ක්‍රියාත්මක කරනු ලබන අතර, එක් එක් වගාකරුවන් පොල් ඉඩමේ අවශ්‍යතාව අනුව අවශ්‍ය ශෂ්‍ය විද්‍යාත්මක කටයුතු සඳහා සහනාධාර ලබාගත හැක. මේ යටතේ උපරිම අක්කරයකට රුපියල් 30,000ක සහනාධාරයක් වගාකරුවන්ට ලබාගත හැක.

· 2021 වසරේදී මෙම සහනාධාරය යටතේ පොල් අක්කර 6,660ක් සංවර්ධනය කරනු ලබන අතර වෙන් කරනු ලැබූ සහනාධාර මුදල රුපියල් මිලියන 100කි.

2022 වර්ෂයේ පොල් අක්කර 15,000ක් පුනරුත්ථාපනය කිරීමට රුපියල් මිලියන 270ක් වෙන් කිරීමට අපේක්ෂිතයි.

(iii) පොල් පොහොර නොමිලේ ලබා දීම

ඉහත කී ii හි සඳහන් පොල් ඉඩම් පුනරුත්ථාපනය සහනාධාරය යටතේ පොල් ගස්වලට කාබනික පොහොර යෙදීම සඳහා සහනාධාර පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් ලබා ගත හැක. ඒ අනුව කාබනික පොහොර යොදන පොල් ගසක් සඳහා රුපියල් 125ක සහනාධාරයක් ලබා දේ.

2022 වසරේ දී පොල් වගාවට පොහොර යෙදීම සඳහා වඩාත් පුළුල් වැඩසටහනක් සකස් කර ඇත. ඒ අනුව කාබනික පොහොර භාවිතයේ පහත ක්‍රමවේද 3 යටතේ සහනාධාර දීම සැලසුම් කර ඇත.

1. පොල් ගසකට කාබනික පොහොර යෙදීම සඳහා ගසකට රුපියල් 150.00ක සහනාධාරයක් ලබා දීම.

2. කාබනික පොහොර නිෂ්පාදනය දිරිගැන්වීම උදෙසා මෙට්‍රික් ටොන් එකක් නිපදවා ගන්නා අයෙකුට රුපියල් 5,000.00ක සහනාධාරයක් ලබා දීම.

3. පොල් ඉඩම්වල කාබනික පොහොර සඳහා අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගත හැකි ශාක වගා කර ගැනීම සඳහා අක්කරයකට රුපියල් 12,000.00ක සහනාධාරයක් ලබා දීම.

(iv) නව ඉඩම්වල පොල් වගාකිරීමට කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම

2021 වර්ෂයේ දී කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ වුවද පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් පොල් පැළ මිලියන 4ක් නිෂ්පාදනය කර වගාකරුවන්ට ලබා දේ.

2022 වර්ෂයේ දී පොල් පැළ මිලියන 5.05ක් නිෂ්පාදනය කරනු ලබන අතර, ඊට අවශ්‍ය බීජ පොල් මිලියන 2.13ක් මේ වන විටත් තවාන්වලට ප්‍රවාහනය කර ඇත. 2022 වසරේ වැඩසටහන් අනුව පහත ආකාරයට පොල් පැළ සිටුවීවට අපේක්ෂිතයි.
වැඩසටහන

ලබා දෙන පොල් පැළ ප්‍රමාණය

ක්‍රමවත් වගාව

1,280,000

ගෙවතු වගාව

800,000

සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහන

1,000,000

පාළු පොල් පැළ සිටුවීම

300,000

මුදලට පොල් පැළ අළෙවිය

1,670,000

එකතුව

5,050,000

මෙයින් වැඩි පොල් පැළ ප්‍රමාණයක් නව වගාව සඳහා යොදා ගනු ලබන අතර, මෙම නව වගාව සඳහා අවශ්‍ය භූමිය සම්ප්‍රදායික පොල් වගාව පිහිටන පොල් ත්‍රිකෝණයෙන් බාහිර ප්‍රදේශවලින් තෝරා ගනු ලැබේ. ඒ සඳහා උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශ‍වල පාංශු යෝග්‍යතා සිතියම් ද පොල් පර්යේෂණ ආයතනය මඟින් සකස් කරමින් පවතී.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2021-11-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks