පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-11-08
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන හා නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නැත.
නාගරික සංවර්ධන අධිකාරිය ලංකාවේ කිසිම තැනක කසළ එකතු කරන්නේ හෝ බැහැර කරන්නේ නැහැ. ඒ කාර්ය කරනු ලබන්නේ පළාත් පාළන ආයතන විසින්.
(ii) අදාළ නැත.
(ආ) ඔව්. අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, "නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් පළාත් පාලන ආයතන කිහිපයක් ඒකාබද්ධ වන පරිදි අපද්‍රව්‍ය බැහැර කිරීමේ අංගණ හා සනීපාරක්ෂක කසළ රඳවනයන් ස්ථාපනය කොට අක්‍රමවත් කසළ බැහැර කිරීම් වළක්වාලීමට කටයුතු සම්පාදනය කරන බව" සඳහන් කර ඇත. ඒ අනුව වත්තල ප්‍රාදේශීය සභාව මඟින් දෛනිකව බැහැර කරනු ලබන ටොන් 14.5ක දිරාපත් වන කසළ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන කෙරවලපිටිය නාගරික කසළ කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබා දෙන අතර, දිරාපත් නොවන කසළ කෙරවලපිටිය ප්‍රදේශයේ කොළඹ මහා නගර සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන කසළ මඟින් විදුලිය ජනනය කරනු ලබන Waste-to-Energy ව්‍යාපෘතිය වෙත යොමු කරනු ලබයි.
තවද, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය යන කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සම සභාපතිත්වයෙන් සහ වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, වනජීවී රැකවරණ, අලි වැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙළවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය, නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය යන ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත මෙහෙයුම් හා ක්‍රියාකාරී කමිටුවක් ස්ථාපනය කර ඇති අතර, එමඟින් මේ වන විට පිළියෙල කරනු ලබන මුතුරාජවෙල තෙත් බිම් සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ මුතුරාජවෙල තෙත් බිම් සංරක්ෂණය කිරීම සඳහා මහා සැලැස්මක් සකස් කරමින් පවතින බැවින් එම සැලැස්ම තුළින් හඳුනා ගැනීමට නියමිත පරිසර පද්ධති කළමනාකරණය කිරීමේ උපාය මාර්ගය හා බලාත්මක කිරීමේ උපාය මාර්ගය යටතේ මෙම ප්‍රදේශය තුළ අවිධිමත් කසළ බැහැර කිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර හඳුනා ගැනීමට නියමිතය.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-11-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) නාලක ගොඩහේවා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks