01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

1086/2021: Refugees came through UNHRC from Pakistan and Afghanistan

1086/2020

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— විදේශ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්ගේ කාර්යාලය (UNHCR) හරහා පාකිස්ථානයේ හා ඇෆ්ගනිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති  සරණාගතයන් සංඛ්‍යාව කොපමණද;

(ii) මේ වනවිට එම සරණාගතයන් රඳවා සිටින ලබන ස්ථාන කවරේද;

(iii) එම සරණාගතයන්ට ලබා දෙනු ලබන පහසුකම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වෙනත් රටවල සරණාගතයන් භාරගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමාජයීය හා ආර්ථික ව්‍යුහයට භාරයක් දැරීමට සිදුවන බව පිළිගන්නේද?

(ii) එසේ නම්, මේ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-09-23

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

වි‍දේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks