01

E   |     |  

 දිනය: 2021-03-10   පිළිතුර ලබා දී ඇත 

1020/2021: 2015-2019 දක්වා පැවති වෙළඳ, වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය: අක්‍රමිකතා

----

අසන ලද දිනය

2021-03-10

අසන ලද්දේ

ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      2015 වර්ෂයේ සිට 2019 දක්වා එවකට පැවති වෙළඳ, වාණිජ හා පාරිභෝගික කටයුතු විෂය භාරව පහත දැක්වෙන පරිදි අමාත්‍යවරුන් කටයුතු කර ඇත.

                        1.    2015.01.18 සිට 2015.03.08 දක්වා ගරු ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා

                        2.    2015.03.09 සිට 2018.11.08 දක්වා ගරු රිෂාඩ් බදියුදීන් මැතිතුමා

                        3.    2018.11.09 සිට 2018.12.27 දක්වා ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා

4. 2018.12.28 සිට 2019.11.27 දක්වා ගරු ‍රිෂාඩ් බදියුදීන් මැතිතුමා

(ii) එම අමාත්‍යාංශයට අයත්ව තිබූ ආයතනවල නම් ඇමුණුම 01හි* දක්වා ඇත.

(ආ) (i) ඉහත කාල සීමාව තුළ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව, සීමාසහිත ලංකා සතොස සහ විවිධ සේවා සමුපකාර සමිති විසින් පවත්වාගෙන යනු ලබන වෙළෙඳ ආයතන සඳහා අවශ්‍ය වන භාණ්ඩ තොග ආනයනය කිරීමේදී හෝ දේශීයව මිලදී ගැනීමේදී අනුගමනය කර ඇති ක්‍රියා මාර්ග, ඇමුණුම 02හි* දක්වා ඇත.

(ii), (iii)   මිලදී ගැනීම්වලදී අක්‍රමිකතා හා වංචා දූෂණ සම්බන්ධයෙන් වාර්තා වී ඇත.

(iv) සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු වෙමින් පවතින අතර මීට අමතරව මවිසින් වෝහාරික විගණනයක් කිරීම සඳහා උපදෙස් ලබා දී ඇත. ඒ සඳහා ආයතනයක් තෝරාගෙන එම විගණන කටයුතු සිදු වෙමින් පවතී.

සීමාසහිත ලංකා සතොස

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු වෙමින් පවතින අතර මීට අමතරව මවිසින් වෝහාරික විගණනයක් කිරීම සඳහා උපදෙස් ලබා දී ඇති අතර ඒ සඳහා ආයතනයක් තෝරාගෙන ඇත.

සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව

මෙම දෙපාර්තමේන්තුව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින අතර සමුපකාර ක්ෂේත්‍රයේ දූෂණ අක්‍රමිකතා සොයා බැලීමටත් සමුපකාර සතු වත්කම්, දේපළ අවභාවිතය පිළිබඳව සොයා බැලීමටත් සමුපකාර ව්‍යාපාරයේදී පොදු ජන යහපත වෙනුවෙන් යෙදවීමටත් අවශ්‍ය පූර්ණ ප්‍රතිසංවිධානයක් සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීමට විද්වත් කමිටුවක් පත් කිරීම සඳහා මවිසින් අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා 2020.09.02 දින අනුමැතිය ලැබී ඇත.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-07-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks