01

E   |     |  

 දිනය: 2021-03-09   පිළිතුර ලබා දී ඇත 

0945/2021: "ඉටුකම" කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල: විස්තර

----

අසන ලද දිනය

2021-03-09

අසන ලද්දේ

ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

(ආ)     (i)  කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල මඟින් ළඟා කර ගැනීමට අපේක්ෂිත අරමුණු:

i.       කොවිඩ් - 19 මැඬලීම සඳහා අවශ්‍ය ඖෂධ, වෛද්‍ය පරීක්ෂණ උපකරණ හා ධාරිතා වර්ධනය ඇතුළු සෞඛ්‍ය ආරක්ෂණ පහසුකම් සැලසීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවශ්‍ය පරිදි මූල්‍ය අවශ්‍යතා  සැලසීම.

ii. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයන්ගේ සහ අත්‍යවශ්‍ය මහජන සේවා සපයන්නන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව  හා සුරක්ෂිතභාවය සඳහා වියදම් දැරීම.

iii. ළමයින්, කාන්තාවන්, අඩු ආදායම්ලාභීන්, වැඩිහිටියන්‍, ආබාධිතයන් හා අවදානමට ලක් විය හැකි පුද්ගලයන්  වෙනුවෙන් අවශ්‍ය මූලික අවශ්‍යතා සැපයීම.

iv. බෝවන රෝග සඳහා දිවයිනේ පවතින අවදානම අඩු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ග්‍රාමීය හා දූරස්ථ  බෙහෙත්ශාලා,  පරීක්ෂණ සහ  ප්‍රතිකාර මධ්‍යස්ථාන හා පවුල්  සෞඛ්‍ය සේවා  පද්ධති  ඒකාබද්ධ කිරීම සඳහා  අවශ්‍ය අරමුදල්  ලබා දීම.

v. දේශීය අමුද්‍රව්‍ය, සම්පත්, දැනුම හා කුසලතා භාවිතයෙන් සෞඛ්‍ය හා සනීපාරක්ෂණ නිෂ්පාදන  නවෝත්පාදනය කිරීම මඟින්  සනීපාරක්ෂණ නිෂ්පාදන නිපදවීම හා බෙදාහැරීම සඳහා පර්යේෂණ සිදු කිරීමට දේශීය වෛද්‍ය අංශවලට  සහාය වීම.

vi. ශ්‍රී ලංකාවේ  වෛද්‍ය හා විද්‍යාත්මක දැනුම සහ අත්දැකීම් භාවිතයෙන් වැඩිදියුණු කරන ලද ආරක්ෂිත ඇඳුම් සහ සනීපාරක්ෂණ නිෂ්පාදන ගෝලීය වෙ‍ළෙඳ පොළ වෙත සැපයීමට පර්යේෂණ සහ නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම.

vii. මාධ්‍ය සහ අධ්‍යාපන වැඩසටහන් තුළින් කාබනික ආහාර පරිභෝජනයෙන් සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක්, සාම්ප්‍රදායික වටිනාකම් ඉසුරුමත් ජීවන රටාවන් සඳහා ප්‍රවර්ධනය කිරීම.

viii. මනා මාර්ගෝපදේශ මත සම්පත්  වෙන් කිරීම,  ජාතික ප්‍රසම්පාදන ක්‍රමය සහ පාලන පිළිවෙත්වලට අනුකූලවීම මත පදනම්ව WHO, UNICEF, UNDP, World Bank, ADB සහ ශ්‍රී ලංකාවේ  ප්‍රධාන සංවර්ධන හවුල්කාර ප්‍රජාව හා නියෝජිත ආයතන සමඟ අරමුදල් රැස් කිරීම සම්බන්ධීකරණය කිරීම.

 

(ii) ජනාධිපති කාර්යාලය

(iii) ඔව්. අරමුදල සඳහා විද්වත් වෘත්තිකයන් 17දෙනෙකුගෙන් යුත් කළමනාකරණ කමිටුවක් පත් කර ඇත.

(iv)    කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල:

කළමනාකරණ කමිටුව

1. අජිත් නිවාඩ් කබ්රාල් මහතා - අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව - සභාපති

2. එස්.ආර්. ආටිගල මහතා - ලේකම්, මුදල් අමාත්‍යාංශය

3. මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඩී.එච්. කමල් ගුණරත්න මහතා - ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශය

4. මේජර් ජනරාල් (වෛද්‍ය) (විශ්‍රාමික) සංජීව මුණසිංහ මහතා - ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශය

5. ‍ ජේ.ජේ. රත්නසිරි මහතා - ලේකම්, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

6. චන්දන ඩී. වික්‍රමරත්න මහතා - පොලිස්පති

7. මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී. විජිත රවිප්‍රිය මහතා - අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගුව

8. වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

9. ශ්‍රියාන් ද සිල්වා විජයරත්න මහතා - සභාපති, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය

10. රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස් මහතා - සභාපති, ලංකා සතොස

11. පී.ඩී. ඉන්දිකා එල්. විජේගුණවර්ධන මහත්මිය - අතිරේක ලේකම්, ජනාධිපති කාර්යාලය

12. නීතීඥ හරිගුප්ත රෝහණධීර මහතා - අධ්‍යක්ෂ ජනරාල් (නීති), ජනාධිපති කාර්යාලය

13. එන්.ඩබ්.ජී.ආර්.ඩී. නානායක්කාර මහතා - නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව

14. ඩබ්.පී.රසෙල් ෆොන්සේකා මහතා - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ලංකා බැංකුව

15. එස්. ස්වර්ණජෝති මහතා - හිටපු විගණකාධිපති

16. නීතිඥ ජේ.එම්.එස්.ජී. ජයසුන්දර මහතා - කොළඹ මහාධිකරණයේ නීතිඥ සංගමයේ හිටපු සභාපති

17. රවීන්ද්‍ර ජේ. විමලවීර මහතා - ප්‍රධාන මූල්‍ය නිලධාරි, ජනාධිපති  කාර්යාලය (කමිටුවේ ලේකම් හා අරමුදල් ප්‍රධාන මූල්‍ය  නිලධාරි)

 

 (ඇ) (i) 2021 සැප්තැම්බර් 30 වන දිනට ශේෂය රුපියල් 1,864,222,523.18යි. Roughly, it is 1.86 billion.

(ii) * කොවිඩ් -19 ජාතික එන්නත්කරණ වැඩසටහන සඳහා

* මහජනතාව වෙත PCR පරීක්ෂණ පැවැත්වීම සඳහා

* සෞඛ්‍යාරක්ෂණ උපදේශනාත්මක - advocacy - වැඩසටහන් මඟින් මහ ජනතාව දැනුවත් කිරීම සඳහා.

* නිරෝධායන කටයුතුවලදී  දරන ලද වියදම් පියවීම සඳහා.

* දැඩි සත්කාර ඒකක ඇඳන් මිලදී ගැනීම සඳහා.

(iii) රු.197,479,824.56යි. It is about Rs. 197 million.

 

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-11-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks