පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
938/2020
ගරු මුජිබුර් රහුමාන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පසුගිය රජය විසින් “ළඟම පාසල හොඳම පාසල” නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කළ බවත්;
(ii) ඒ යටතේ කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි සුසමයවර්ධන විද්‍යාලය, ශාන්ත අන්තෝනි පිරිමි විදුහල, මහාබෝධි විද්‍යාලය, අනුරුද්ධ බාලිකා විදුහල, ශාන්ත අන්තෝනි බාලිකා (ප්‍රාථමික) විදුහල, මුතුවෙල්ල හින්දු විද්‍යාලය සහ මෝදර ආනන්ද විද්‍යාලය යන විද්‍යාල සංවර්ධනය කිරීම ආරම්භ කළ බවත්;
(iii) ඒ සඳහා පසුගිය රජය විසින් මුදල් වෙන් කළ බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එම වැඩසටහන යටතේ කොළඹ 12-හමීඩි අල් හුසෛනි විද්‍යාලයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල තැබූ බව දන්නේද;
(ii) ඒ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) මෙම වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරන ලද පාසල් සංඛ්‍යාව කොපමණද;
(ii) ඉහත වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) ඉහත අ(ii)හි සඳහන් පාසල්වල ගොඩනැගිලි ඉදිකිරීම් අවසන් කිරීමට පියවර ගන්නේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-03-12
අසන ලද්දේ
ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඇමුණුම 01** යටතේ දක්වා ඇති පරිදි මෙම පාසල්වල ඉදිකිරීම් සිදුකර ඇත.
(iii) ඇමුණුම 01 හා 02** යටතේ දක්වා ඇති පරිදි මුදල් වෙන්කර ඇත.
(ආ) (i) "ළඟම පාසල හොඳම පාසල" ව්‍යාපෘතිය යටතේ මෙම පාසල සඳහා ගොඩනැඟිල්ලකට මුල්ගල තබා නොමැත. පළාත් සභා ප්‍රතිපාදන යටතේ ද එවැනි ඉදිකිරීමක් සිදුකර නොමැති බව ද වාර්තා කර ඇත.
(ii) "ළඟම පාසල හොඳම පාසල" ව්‍යාපෘතිය යටතේ මෙම පාසල සඳහා ගොඩනැඟිල්ලකට මුල්ගල තබා නොමැති බැවින් අදාළ නොවේ.
(ඇ) (i) පළාත් පාසල් 309ක් ද, ජාතික පාසල් 37ක් ද වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරන ලද පාසල් සංඛ්‍යාව 346කි.
(ii) "ළඟම පාසල හොඳම පාසල" ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සම්පූර්ණ කිරීමට අදාළව අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 21/0451/308/030 හා 2021.03.08 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා 2021 මාර්තු 30 දින ලද අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව, මෙම ව්‍යාපෘතිය 2021.12.31 දක්වා වසරක කාලයක් සඳහා දීර්ඝ කිරීමටත්, ඒ අනුව ජාතික අය වැය දෙපාර්තමේන්තුව විමසමින් දැනට වැඩ අවසන් කර ඇති ව්‍යාපෘතිවලට අදාළ හිඟ බිල්පත් නිරවුල් කිරීමටත්, ව්‍යාපෘතිය යටතේ සිදුකරන ලද ක්‍රියාකාරකම් පිළිබඳව මුදල් අමාත්‍යාංශ නිරීක්ෂණවලට යටත්ව සවිස්තරාත්මක විගණනයක් සිදු කිරීමටත්, ඒ මත පදනම්ව ඉතිරි ඉදිකිරීම් වැඩ අවසන් කිරීමටත්, අනතුරුව සංදේශයේ සඳහන් අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ හා උපකරණ ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මිලදී ගැනීමටත්, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බැවින් එම තීරණ මත පදනම්ව කටයුතු කරනු ලබයි.
(ඈ) මෙම ව්‍යාපෘති කාල සීමාව 2021.12.31 දින දක්වා දීර්ඝ කර ඇති බැවින් ඒ අනුව ඉදිරි කටයුතු සිදු කරනු ලැබේ.
(ඉ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-11-15
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks