01

E   |     |  

 දිනය: 2021-06-22   පිළිතුර ලබා දී ඇත 

0893/2021: තෙල් පිරිපහදු: විස්තර

----

අසන ලද දිනය

2021-06-22

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      01යි. (සපුගස්කන්ද පිරිපහදුව)

              (ii)

  • 1967.05.07      -                         මුල්ගල තැබීම
  • 1969.08.07      -                         බොර තෙල් යොදා නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන ලද දිනය
  • 1969.10.22      -                         නිල සමාරම්භක දිනය
  • ධාරිතාව           -

  ආරම්භයේදී - දිනකට බැරල් 50,000යි.

දැනට - දිනකට බැරල් 38,000යි.

මේ වන විට මේ පිරිපහදුව නිර්මාණය කර තිබෙන ඉන්ධන වර්ගය වන Iranian Light වර්ගයේ බොර තෙල්, සම්බාධක හේතුවෙන් ගන්න බැරි නිසා Murban කියන වර්ගය තමයි භාවිත කරන්නේ. ඒ නිසා තමයි ධාරිතාව පහළ බැස තිබෙන්නේ.

(iii) සපුගස්කන්ද පිරිපහදුවේ අතුරු නිෂ්පාදන

 

අතුරු නිෂ්පාදනය

ආශ්‍රිත කර්මාන්තය

රසායනික නැප්තා

යූරියා - පොහොර කර්මාන්තය සඳහා (1980)

 

2001 සිට ලංකා විදුලි බල මණ්ඩලයේ කැලණිතිස්ස විදුලි බලාගාරයට විදුලි බලය නිෂ්පාදනය සඳහා විකුණනු ලබයි.

 

අතිරික්තයක් ඇති විට අපනයනය කරයි.

(iv) රටේ සමස්ත නිෂ්පාදන අවශ්‍යතාව දේශීයව සැපයීමට අපේක්ෂා කරන බැවින් පවතින පිරිපහදුව නවීකරණය කිරීමටත්, බැරල් ලක්ෂයක දෛනික ධාරිතාවක් තිබෙන නව තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමටත් පූර්ව ශක්‍යතා අධ්‍යයනය අවසන්කොට,  මේ දිනවල ශක්‍යතා අධ්‍යයනයක් කරගෙන යනු ලබයි.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-06-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks