පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
881/2020
ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා,— ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ වාර්ෂික මත්ස්‍ය අවශ්‍යතාවය කොපමණද;
(ii) එම අවශ්‍යතාවයෙන් දේශීයව නිෂ්පාදනය කරන ප්‍රමාණය සහ ආනයනය කරන ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) 1982 වර්ෂයේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල මත්ස්‍ය නිෂ්පාදනය, ශ්‍රී ලංකාවේ සමස්ත මත්ස්‍ය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස කොපමණද;
(iv) උතුරු සහ නැගෙනහිර පළාත්වල පැවති යුදමය තත්ත්වය අවසන්ව මේ වනවිට අවුරුදු 11ක් ගත වුවද, 1982 වර්ෂයේදී එම පළාත්වලින් ලද මත්ස්‍ය අස්වැන්න මේ වනවිට නොලැබීමට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) උතුරු පළාතේ හඳුනාගත් ප්‍රදේශවල මේ වනතෙක් ධීවර වරායන් ඉදිනොකිරීමට හේතු කවරේද;
(ii) පසුගිය වර්ෂ 15ක කාලය තුළ අනෙකුත් පළාත්වල ඉදිකරන ලද ධීවර වරායන් සංඛ්‍යාව කොපමණද;
(iii) පේදුරුතුඩුව ධීවර වරාය ඉදිකිරීමේ ප්‍රගතිය කවරේද;
(iv) මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු ආධාරවල ස්වභාවය සහ එම ආධාර මේ වනවිට නවතා දැමීමට හේතු කවරේද;
(v) නෝර්වේ සහ ඩෙන්මාර්ක් රටවලින් ලබා දෙන ණය මඟින් මෙම වරාය ඉදිකිරීමට හේතු කවරේද;
(vi) එමඟින් ලැබෙන අමතර ප්‍රතිලාභ කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-01-08
අසන ලද්දේ
ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මසුන්, කරවල, ටින් මාළු, උම්බලකඩ යන සියලු ආකාරයෙන් පරිභෝජනය කිරීම සඳහා සහ වාර්ෂික සාමාන්‍ය අපනයන අවශ්‍යතාව සඳහා ඇස්තමේන්තුගත අගය සජීවී මත්ස්‍ය බර පදනම්ව මෙට්‍රික් ටොන් 660,000ක් පමණ.
(ii) දේශීයව නිෂ්පාදනය කරන ප්‍රමාණයේ ඇස්තමේන්තුගත අගය - මෙට්‍රික් ටොන් 500,000ක් පමණ.
ආනයනය කරන ප්‍රමාණයේ ඇස්තමේන්තුගත අගය - සජීවී මත්ස්‍ය බර අනුව මෙට්‍රික් ටොන් 160,000ක් පමණ.
(iii) 1982 වර්ෂයට අදාළ මත්ස්‍ය නිෂ්පාදන දත්ත නොපවතින අතර 1983 වසරේ දත්ත අනුව එය සියයට 56.49කි.
(iv) 1983 වර්ෂයේ මෙට්‍රික් ටොන් 104,360ක් පමණ වූ මත්ස්‍ය අස්වැන්න 2019 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 146,170ක් දක්වා වැඩි වී ඇත.
(ආ) (i) උතුරු පළාතේ ධීවර වරායන් සහ නැංගුරම්පළ ඉදිකිරීම සඳහා පේදුරුතුඩුව, පේසාලේ, ගුරුනගර්, වාලච්චේනෙයි, මාදගල්, මන්ඩතිව් හා ඩෙල්ෆ්ට් යන ප්‍රදේශ හඳුනා ගෙන ඇත. තවද, 2013 වර්ෂයේදී ආරම්භ කරන ලද මයිලෙඩි ධීවර වරාය ඉදිකිරීමේ පළමු අදියරෙහි අවසන් කටයුතු 2019 වර්ෂයේ ධීවර අයිතියට පත් කරන ලදී. එහි දෙවන අදියර 2021 වර්ෂයේදී ඇරඹීමට නියමිතය.
(ii) වරායන් 10කි.
(iii)
|
අදියර |
මූල්‍ය මූලාශ්‍රය |
මුදල |
ප්‍රගතිය |
|
|
මූල්‍ය % |
භෞතික % |
|||
|
අදියර 1 ශක්‍යතා අධ්‍යයනය |
දේශීය අරමුදල් |
රු.මි.15.985 |
100 |
100 |
|
අදියර 2 සවිස්තරාත්මක සැලසුම් හා ඉංජිනේරුමය ඇස්තමේන්තු සකස් කිරීම |
දේශීය අරමුදල් ආසියානු සංවර්ධන බැංකුව |
රු.මි.72.0 ඇ.ඩො. 881,007.1 |
100 |
100 |
|
අදියර 3 වරායේ ඉදිකිරීම් කටයුතු |
දේශීය අරමුදල් හා ආසියානු සංවර්ධන බැංකුව |
0 |
0 |
0 |
අදියර 1 - මෙම වරායෙහි ශක්‍යතා අධ්‍යයන කටයුතු 2017 වර්ෂයේදී මොරටුව විශ්වවිද්‍යාලය මඟින් සිදු කරන ලදී.
අදියර 2 - මෙම වරායෙහි සවිස්තරාත්මක සැලසුම් හා ඉංජිනේරුමය ඇස්තමේන්තු සකස් කිරීමේ කටයුතු EML Consultant (Pvt.) Ltd ආයතනය මඟින් සිදු කරන ලදී.
පේදුරු තුඩුව ධීවර වරාය ඉදිකිරීමට එරෙහිව පේදුරු තුඩුව මෙතෝදිස්ත බාලිකා විද්‍යාලයේ දෙමව්පිය සංගමය, රාජ්‍ය නොවන සංවිධානයක් හා එම ප්‍රදේශයේ ජනතාව දැක්වූ විරෝධතා හේතුවෙන් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම දිගින් දිගටම ප්‍රමාද විය. අදාළ ධීවර ප්‍රජාව, පාසල් සංවර්ධන සමිතිය, රාජ්‍ය නිලධාරින් හා දේශපාලන අධිකාරිය ඇතුළු සියලු පාර්ශ්වයන් සමඟ දිගින් දිගටම මේ පිළිබඳ සාකච්ඡා කළද විසඳුමක් නොලද අතර නැවත ප්‍රජාවගේ විරෝධතාව හේතුවෙන් මෙම ධීවර වරාය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට නොහැකි විය.
ඉහත කරුණු මත ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙම ව්‍යාපෘතිය සඳහා ණය ලබා දීමට අදාළ ණය ගිවිසුම් ශ්‍රී ලංකා රජය සමඟ අත්සන් නොකරන ලදී. එම තත්ත්වය මත ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව ඉදිරියට කරගෙන යාමට නොහැකි විය.
(iv) මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ව්‍යාපෘති සැලසුම්කරණ අත්තිකාරම් ණය මුදලක් ලෙස රුපියල් මිලියන 190ක ණය ආධාර හා ශ්‍රී ලංකා රජයේ දායකත්වය ලෙස රුපියල් මිලියන 72ක් වෙන් කරන ලදී.
මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අතරමග නවතා දැමීමට සිදු වූයේ ආසියානු සංවර්ධන බැංකුව හා ශ්‍රී ලංකා රජය අතර ඉහත හේතූන් මත ණය ගිවිසුම අත්සන් නොකිරීම හා ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙනි.
(v) නෝර්වේ සහ ඩෙන්මාර්ක් ප්‍රතිපාදන යටතේ පේදුරු තුඩුව ධීවර වරාය ඉදිකිරීම සම්බන්ධව මේ වන තෙක් නිශ්චිත ප්‍රතිචාරයක් දක්වා නොමැත.
(vi) පැන නොනඟී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-11-15
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කංචන විජේසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks