පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
879/2020
ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාව තුළ දේශපාලන සිරකරුවන් සිටින්නේ නම්, එම සංඛ්‍යාව කොපමණද;
(ii) එම සංඛ්‍යාව ජාතීන් අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඒ අතරින් වැඩිම කාලයක් සිරගතකර සිටින සිරකරුවාගේ නම කවරේද;
(iv) එම සිරකරුවා සිරගතකර මේ වනවිට ගත වී ඇති කාලය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ සිරකරුවන් සිටින්නේ නම්, එම සංඛ්‍යාව කොපමණද;
(ii) එම සංඛ්‍යාව ජාතීන් අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඒ අතරින් වැඩිම කාලයක් සිරගතකර සිටින සිරකරුවාගේ නම කවරේද;
(iv) එම සිරකරුවා සිරගතකර මේ වනවිට ගත වී ඇති කාලය කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධ සැකකරුවන්ගේ නඩුවලට අදාළ කටයුතු කඩිනම්කර ඔවුන්ට යුක්තිය ඉටු කිරීමට පියවර ගන්නේද;
(ii) ත්‍රස්තවාදී කටයුතු සඳහා බලහත්කාරයෙන් බඳවා ගත් ළමුන් පුනරුත්ථාපනය කර නැවත සමාජ ගත කරන්නේද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-01-07
අසන ලද්දේ
ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ, දේශපාලන චෝදනා මත සිර දඬුවම් ලැබූ සිරකරුවන් කිසිවකුත් මේ වන විට ශ්‍රී ලංකා බන්ධනාගාරවල රඳවා නොමැත.
(ii) ඉහත (i) අනුව අදාළ නොවේ.
(iii) ඉහත (i) අනුව අදාළ නොවේ.
(iv) ඉහත (i) අනුව අදාළ නොවේ.
(ආ) (i) 2020.10.31 වන දිනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත - Prevention of Terrorism Act - යටතේ සිර දඬුවම් ලබා සිටින සංඛ්‍යාව:-
මරණීය දණ්ඩන සිර - 01
මරණීය දණ්ඩන අභියාචන සිර - 01
ජීවිතාන්ත සිර - 02
ජීවිතාන්ත අභියාචන සිර - 07
සාමාන්‍ය සිර - 30
සාමාන්‍ය අභියාචන සිර - 03
(ii) සියලු ජාතිකයින් දමිළ ජාතිකයන්ය.
ඔබතුමා අහන නිසා මම කියන්නේ.
(iii) මරණීය දණ්ඩන සිරකරුගේ තොරතුරු -
සිර අංකය : G.5613
නම : කේ.එච්. රාමචන්ද්‍රන්
මෙම සිරකරුට 2003.10.15 වන දින මරණීය දණ්ඩනය ලබාදී ඇත. එම දඬුවමට එරෙහිව 2003.11.24 අභියාචන කිරීම මත එම අභියාචන නඩු තීන්දුව 2017.05.01 දින ලබා දෙමින්, ලබා දී ඇති මරණ දඬුවම ස්ථිර කර ඇත.
මරණීය දණ්ඩන අභියාචන සිරකරුගේ තොරතුරු :-
සිර අංකය : Q.19393
නම : ජේ.කේ.ඩබ්. එලියස් වසන්තන්
මෙම සිරකරු 2012.01.24 වන දින රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, 2012.08.27 වන දින මරණීය දණ්ඩනය ලබා දී ඇත. එම දඬුවමට එරෙහිව 2012.09.11 වන දින අභියාචනා කිරීම මත මේ වන විට ම:ද:නි: අභියාචන සිරකරුවෙකු වශයෙන් රඳවා ඇත.
ජීවිතාන්ත සිරකරුවන් දෙදෙනා අතරින් :-
සිර අංකය : S.1015
නම : වික්ටර් ගොබින්සන්
මෙම සිරකරුට 2014.12.10 දින ජීවිතාන්ත සිර දඬුවම ලබා දී ඇත.
ජීවිතාන්ත අභියාචන සිර හත්දෙනා අතරින් :-
සිර අංකය : F.27105
නම : ඩබ්ලිව්. පාර්තීපන්
මෙම සිරකරු 1996.06.21 වන දින රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, 2002.11.02 වන දින ජීවිතාන්ත සිර දඬුවම ලබා දී එම දඬුවමට එරෙහිව අභියාචනා කිරීම මත මේ වන විට ජීවිතාන්ත අභියාචන සිරකරුවෙකු වශයෙන් රඳවා ඇත.
සිර අංකය : F.27104
නම : කේ. සිවකුමාර්
මෙම සිරකරු 1996.06.21 වන දින රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, 2002.11.02 වන දින ජීවිතාන්ත සිර දඬුවම ලබා දී එම දඬුවමට එරෙහිව අභියාචනා කිරීම මත මේ වන විට ජීවිතාන්ත ඇපිල් අභියාචන සිරකරුවෙකු වශයෙන් රඳවා ඇත.
සාමාන්‍ය සිර තිස්දෙනා අතරින් :-
සිර අංකය : O.12336
නම : සෙල්ලයියා නවරත්නම්
මෙම සිරකරු 2010.01.18 වන දින අවුරුදු 200ක සිර දඬුවම් ලබා 2143.05.29 වන දින නිදහස් වීමට නියමිතව ඇත.
සිර අංකය : Q.9000
නම : එස්. සූරියකුමාර්
මෙම සිරකරු 2006.06.27 වන දින රක්ෂිත බන්ධනාගාරගත කර 2016.04.27 වන දින අවුරුදු 35ක සිර දඬුවම් ලබා 2039.08.15 වන දින නිදහස් වීමට නියමිතව ඇත.
සිර අංකය : W.7647
නම : වේළු යෝගරාසා
මෙම සිරකරු 2018.02.06 වන දින අවුරුදු 05යි මාස 09ක සිර දඬුවම් ලබා 2025.05.07 වන දින නිදහස් වීමට නියමිතව ඇත.
සාමාන්‍ය අභියාචන සිර තිදෙනාගේ තොරතුරු:
සිර අංකය : O.23694
නම : එස්. ඉලංගේෂ්වරන්
මෙම සිරකරු 2010.10.27 වන දින අවුරුදු 30ක සිර දඬුවම් ලබා එම දඬුවමට අභියාචනා කිරීම මත මේ වන විට අභියාචන සිරකරුවෙකු වශයෙන් රඳවා ඇත.
සිර අංක : T.20276
නම : ඩබ්ලිව්. වර්ධරාජා
මෙම සිරකරු 2000.09.18 වන දින රක්ෂිත බන්ධනාගාරගත කර 2015.09.30 වන දින අවුරුදු 30ක සිර දඬුවම් ලබා එම දඬුවමට අභියාචනා කිරීම මත මේ වන විට අභියාචන සිරකරුවෙකු වශයෙන් රඳවා ඇත.
සිර අංකය : T.20275
නම : රගුපති ශර්මා
මෙම සිරකරු 2000.09.18 වන දින රක්ෂිත බන්ධනාගාරගත කර 2015.09.30 වන දින අවුරුදු 30ක සිර දඬුවම් ලබා එම දඬුවමට අභියාචනා කිරීම මත මේ වන විට අභියාචන සිරකරුවෙකු වශයෙන් රඳවා ඇත.
(iv) ඉහත ප්‍රශ්න අංක (ආ) හි (iii) කාරුණික අවධානයට ඉදිරිපත් කරමි.
(ඇ) (i) අදාළ ආරක්ෂක අංශ මඟින් චූදිතයන්ට එරෙහිව පවරා ඇති චෝදනාවල ස්වභාවය අනුව, නීතිපති උපදෙස් ලැබීමෙන් පසු අධිචෝදනා ගොනු කිරීමෙන් පසු නඩු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම ගරු අධිකරණය මඟින් සිදුකරනු ලබන ක්‍රියාවලියකි.
එය සම්පූර්ණයෙන්ම අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පාලනය කරනු ලබන ක්‍රියා පටිපාටියක්, ගරු මන්ත්‍රීතුමනි. අපට ඒ සම්බන්ධයෙන් පාලනයක් නැහැ.
(ii) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහ එල්ටීටීඊ ක්‍රියාකාරකම් යටතේ චෝදනා ලබා සිටින සිර හෝ සැක බාලවයස්කාර දරුවන් මේ වන විට ශ්‍රී ලංකා බන්ධනාගාර ආයතන තුළ රඳවා නොමැත. බාලවයස්කාර දරුවන් හෝ වැඩිහිටි ඕනෑම ස්ත්‍රී පුරුෂ සැකකරුවෙකු මොන යම් හෝ චෝදනාවක් යටතේ බන්ධනාගාරගත වීමකදී එම පුද්ගලයන් තමන් විසින් දැන හෝ නොදැන සිදුකරන ලද වරද සම්බන්ධයෙන් යහපත් මාර්ගයට ගැනීම සඳහා වර්තමාන දෙපාර්තමේන්තු අණ පනත්, නීති රෙගුලාසි මෙන්ම පුනරුත්ථාපන ක්‍රියාවලිය යටතේ උපදේශන කටයුතු ලබා දී යහපත් පුරවැසියෙකු සමාජගත කිරීම සාර්ථක අන්දමින් සිදු කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යනවා. ඒ සම්බන්ධයෙන් විශාල වැඩ කටයුත්තක් සහ ප්‍රතිශෝධන රාශියක් මේ අවස්ථාවේදී සිදුකරගෙන යනවා, ගරු මන්ත්‍රීතුමනි.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-01-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks