පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
876/2020
ගරු එරාන් වික්‍රමරත්න මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) නිදහස ලැබුණු දින සිට ණය ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් නොකැළැල් ඉතිහාසයක් පවත්වාගෙන යමින් සිටින ලද බව ශ්‍රී ලංකා රජය විසින් නොකඩවා ප්‍රකාශ කරන ලද බවත්;
(ii) මූඩි ණය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීමේ හැකියාව B2 සිට Caa1 දක්වා මට්ටම් දෙකකින් පහත දමා ඇති බවත්;
එතුමා පිළිගන්නෙහිද ?
(ආ) (i) 2020, 2021 සහ 2022 වර්ෂ සඳහා ශ්‍රී ලංකාවේ පොලී සහ ක්‍රමක්ෂය ගෙවීම් වල මුළු වටිනාකම කවරේද ;
(ii) 2020, 2021 සහ 2022 වර්ෂ සඳහා පුරෝකථනය කරන ලද සමස්ත අයවැය හිඟය කවරේද ;
(iii) 2020 වර්ෂයේ පළමුවන, දෙවන හා තුන්වන කාර්තු සඳහා රජයේ ආදායම කවරේද;
(iv) 2020, 2021 සහ 2022 වර්ෂ සඳහා පුරෝකථනය කරන ලද සමස්ත ආදායම කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ණය ගෙවීම පැහැර හැරීම වැළැක්වීම සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(ii) ශ්‍රී ලංකාව විසින් තම ණය ගෙවීම පැහැර හරිනු ලබන්නේ නම්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය වෙත ඇතිවන බලපෑම කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-01-08
අසන ලද්දේ
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
වර්ෂ 2015 සිට 2019 දක්වා කාලය තුළ, එනම් B1 (stable) ශ්‍රේණිය 2016 වර්ෂයේදී B1 (negative) දක්වා අඩු වුණු බවත්, 2018 වර්ෂයේදී B2 (stable) දක්වා අදියර දෙකකින් අඩු වුණු බවත් ප්‍රකාශ කරනවා.
(ආ) (i)
|
|
2020 |
2021 |
2022 |
|
පොලිය |
866 |
860 |
960 |
|
ණය වාරිකය |
988 |
1.257 |
1,257 |
|
එකතුව |
1,854 |
2,117 |
2,217 |
(ii) 2021 අය වැයට සමගාමීව පුරෝකථනය කරන ලද අය වැය හිඟය
රුපියල් බිලියන
|
|
2020 |
2021 |
2022 |
|
අය වැය හිඟය |
1,266 |
1,565 |
1,242 |
(iii) රාජ්‍ය ආදායම:
රුපියල් බිලියන
|
|
2020 Q1 |
2020 Q2 |
2020 Q3 |
|
රාජ්‍ය ආදායම (ප්‍රදාන ද ඇතුළත්) |
407 |
258 |
366
|
(iv) පුරෝකථනය කරන ලද රාජ්‍ය ආදායම:
|
|
2020 |
2021 |
2022 |
|
රාජ්‍ය ආදායම (ප්‍රදාන ද ඇතුළත්) |
1,528 |
1,961 |
2,386 |
(ඇ) (i) ශ්‍රී ලංකාව ණය සේවාකරණ ගෙවීම පැහැර හැර නොමැති බැවින් මෙම ගැටලුව පැන නොනඟී.
(ii) පැන නොනඟී.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-07-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks