පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-03-25
අසන ලද්දේ
ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ජාතික පාසල් සංඛ්‍යාව 11කි.
(ii) 01. ත්‍රි/ආර්.කේ.එම්. කෝනේශ්වර හින්දු විද්‍යාලය
02. ත්‍රි/ ශාන්ත මේරි විද්‍යාලය
03. ත්‍රි/ ශාන්ත ජෝශප් විද්‍යාලය
04. ත්‍රි/ අග්‍රබෝධි ජාතික පාසල
05. ත්‍රි/ රාජකීය විද්‍යාලෝක මහා විද්‍යාලය
06. ත්‍රි/ කින්නියා මධ්‍ය විද්‍යාලය
07. ත්‍රි/ මුතූර් මධ්‍ය විද්‍යාලය
08. ත්‍රි/ ශ්‍රී ශන්මුග හින්දු බාලිකා විද්‍යාලය
09. ත්‍රි/ සිංහල මධ්‍ය මහා විද්‍යාලය
10. ත්‍රි/කින්/කින්නියා අල් අක්ෂා විද්‍යාලය
11. ත්‍රි/කින්/කින්නියා මුස්ලිම් බාලිකා මහා විද්‍යාලය
(iii) ඉහත දක්වා ඇති පාසල්වල මේ වන විට සේවයේ නියුතු විදහල්පතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සහ ඔවුන් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් ලෙස සේවය කරනු ලබන කාලය වෙන් වෙන් වශයෙන් ඇමුණුමෙහි** දක්වා ඇත.
(ආ) ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1/11/111 ශ්‍රේණියේ සාමාන්‍ය සේවක සංඛ්‍යාවේ/විශේෂ සේවක සංඛ්‍යාවේ* හෝ විදුහල්පති සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරින්ගෙන් අයදුම්පත් කැඳවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ විධිවිධාන පරිදි කටයුතු සිදු කරනු ලබයි.
අයදුම් කරන නිලධාරින් අතරින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව විසින් පත් කරනු ලබන සාමාජිකයන් 3කින් යුත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මඟින් කරනු ලබන නිර්දේශ අනුව විදුහල්පතිවරුන් තෝරා ගනු ලැබේ. (රාජ්‍ය සේවා කොමිෂන් සභවේ අධ්‍යාපන සේවා කමිටුව විසින් අනුමත කරනු ලබන ලකුණු පටිපාටියකට අනුව) තෝරා ගනු ලබන නිලධාරින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව විසින් ජාතික පාසල් විදුහල්පතිවරුන් ලෙස පත් කිරීම සිදු කරනු ලබයි.
දැනට විදුහල්පති තනතුරු පුරප්පාඩු වී ඇති ජාතික පාසල් 170ක් සඳහා අයඳුම්පත් කැඳවීමේ නිවේදනය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පල කරන ලදී. එහිදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විදුහල්පති තනතුරු පුරප්පාඩු වී ඇති ජාතික පාසල් 08ක් සඳහාද අයදුම් පත් කැඳවූ අතර, ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා එම උපලේඛන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව වෙත යැවීමට කටයුතු සූදානම් කර ඇත.
(* විශේෂ සේවක සංඛ්‍යාවේ නිලධාරින් 11 ශ්‍රේණියට පත් වූ පසු එම ශ්‍රේණියේ සම්පූර්ණ සේවා කාලය තුළ උපරිම ලෙස වසර 5ක් විදුහල්පති/නියෝජ්‍ය විදුහල්පති තනතුරක සේවය කළ හැකිය.)
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-03-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks