01

E   |     |  

 දිනය: 2021-03-09   පිළිතුර ලබා දී ඇත 

0868/2021: ත්‍රිකුණාමලය උතුර සහ කන්තලේ අධ්‍යාපන කලාපවල රජයේ පාසල්: සිංහල මාධ්‍ය ගුරු පුරප්පාඩු

----

අසන ලද දිනය

2021-03-09

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ත්‍රිකුණාමලය උතුර සහ කන්තලේ අධ්‍යාපන කලාප තුළ පිහිටි රජයේ පාසල්වල පවතින සිංහල මාධ්‍ය ගුරු පුරප්පාඩු සංඛ්‍යාව සාරාංශ වශයෙන් පහත පරිදි වේ.

අධ්‍යාපන කලාපය

පළාත් පාසල් සිංහල මාධ්‍ය ගුරු පුරප්පාඩු සංඛ්‍යාව

ජාතික පාසල් සිංහල මාධ්‍ය ගුරු පුරප්පාඩු සංඛ්‍යාව

එකතුව

ත්‍රිකුණාමලය උතුර

 166

 ජාතික පාසල් නොමැත

 166

 කන්තලේ

 203

 29

 232

ත්‍රිකුණාමලය උතුර අධ්‍යාපන කලාපයේ රජයේ පාසල්වල සිංහල මාධ්‍ය ගුරු පුරප්පාඩු විස්තර ඇමුණුම 01 යටතේද, කන්තලේ අධ්‍යාපන කලාපයේ රජයේ පාසල්වල සිංහල මාධ්‍ය ගුරු පුරප්පාඩු විස්තර ඇමුණුම 02 යටතේ ද දක්වා ඇත.

(ii) මූලික වශයෙන් විද්‍යාව සහ ගණිතය විෂයයන් සලකා බැලූ කල, ත්‍රිකුණාමලය උතුර කලාපයේ එම විෂයයන් සඳහා සිංහල මාධ්‍ය ගුරු පුරප්පාඩු 14 බැගින් ඇති අතර, කන්තලේ කලාපයේ එය පිළිවෙළින් 21ක් සහ 17ක් වේ.

ගරු මන්ත්‍රීතුමනි, කන්තලේ එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. ත්‍රිකුණාමල ප්‍රදේශයේ යම් කිසි ගැටලුවක් තිබෙන බව පෙනෙනවා.

එසේ වුවද 2019 වර්ෂයේ අපොස (සා/පෙළ) විභාගය සමත් සිසුන් ප්‍රතිශතය විශ්ලේෂණයේදී කන්තලේ අධ්‍යාපන කලාපයේ සිසුන්ගේ සමත් ප්‍රතිශතය සමස්ත දිවයිනේම සමත් ප්‍රතිශතය හා සමාන මට්ටමක පවතින බව පෙනී යයි.  එය සමානයි. එතැන අඩුවක් පෙනෙන්නේ නැහැ.

2019 වර්ෂයේ අපොස (සා/පෙළ) විභාගය සමත් සිසුන් ප්‍රතිශතයන්

සමත් සිසුන් ප්‍රතිශතය

                      අපොස (සා/පෙළ)

 

ගණිතය

විද්‍යාව

සමස්ත දිවයිනේ

සියයට 66.80

සියයට 62.04

නැ‍ඟෙනහිර පළාත

සියයට 62.80

සියයට 57.20

ත්‍රිකුණාමලය උතුර

සියයට 47.98

සියයට 43.58

කන්තලේ

සියයට 65.77

සියයට 61.11

ත්‍රිකුණාමලය උතුර අධ්‍යාපන කලාපයේ ළමුන්ගේ සමත් ප්‍රතිශතයේ යම් අඩුවීමක් පෙන්නුම් කළද, සමස්ත දිවයිනේ සහ නැ‍ඟෙනහිර පළාතේ ප්‍රතිඵල සමඟ සංසන්දනය කිරීමේදී මෙම කලාප දෙකෙහි සිසුන් අධ්‍යාපනය හැදෑරීමේදී යම් දුෂ්කරතාවලට මුහුණ දුන්නද, අධ්‍යාපන මට්ටම් අතින් යම් සාධනීය තත්ත්වයක් පෙන්නුම් කරන බව දක්නට ලැබේ.

 

(iii) ඔව්.

• දැනටමත් (පසුගිය 2021.02.27) ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහා උසස් තාක්ෂණ ඩිප්ලෝමාධාරින් මෙම අධ්‍යාපන කලාපවලට බඳවා ගැනීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇත.

• දිවයිනේ ජාතික පාසල් හා පළාත් පාසල්වල ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු හා නැ‍ඟෙනහිර පළාත් සඳහා තොරතුරු තාක්ෂණය, ගෘහ විද්‍යාව, සෞන්දර්ය විෂයයන්වල (චිත්‍ර, සංගීතය, නර්තනය) ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට මාර්ගගත               ක්‍රමයට අයඳුම්පත් භාර ගන්නා ලද අවසන්                              දිනය 2021.03.31 විය. මෙම කැඳවන අයඳුම්පත්වලට අදාළව විභාගය පවත්වන දිනය විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන විභාගය පැවැත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව අදාළ බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතය.

• අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) ගුරු හිඟතාවය මඟ හරහා ගැනීමට උපාධිධාරින් හා ඩිප්ලෝමාධාරින් ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අදාළව 2020.09.30 දිනැතිව ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා ලද 2020.10.26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් යෝජිත බඳවා ගැනීමේ ක්‍රමවේදය රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්ගේ 2021.04.06 දිනැති ලිපිය මඟින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.

• එකී ක්‍රමවේදය අනුව මෙම බඳවා ගැනීම් සම්බන්ධ ඉදිරි කටයුතු කිරීම සඳහා අංක අමප/20/1533/308/039 දරන 2021.04.28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් අනුමැතිය ලබා දී ඇති අතර, මේ වන විට එම අනුමැතිය පරිදි ඉදිරි කටයුතු සිදු කරමින් පවතී.

ගරු මන්ත්‍රීතුමනි, දැනටමත් පුරප්පාඩු රාශියක් පිරවීමට කටයුතු කර තිබෙනවා.

 

• මේ වන විටත් 2021 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන ආයතන ඩිප්ලෝමාධාරින් 48 දෙනෙකුට ත්‍රිකුණාමලය උතුර සහ කන්තලේ අධ්‍යාපන කලාප තුළ ගුරු පත්වීම් ලබා දී ඇත. ඇමුණුම 03 යටතේ දැක්වේ.

ඇමුණුම් 01, 02 හා 03 සභාගත* කරමි.

 

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2021-07-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks