01

E   |     |  

 දිනය: 2021-02-23   පිළිතුර ලබා දී ඇත 

0866/2021: නැ‍ඟෙනහිර පළාතේ ගුරු තුලනය: ගනු ලබන පියවර‍

----

අසන ලද දිනය

2021-02-23

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      නැ‍ඟෙනහිර පළාතේ අධ්‍යාපන කලාප අතරින් ගුරු අතිරික්තයක් පවතින අධ්‍යාපන කලාපවල නම් පහත පරිදි වේ.

                        ත්‍රිකුණාමලය

                        මුතූර්

                        කින්නියා

                        කන්තලේ

                        ත්‍රිකුණාමලය උතුර

                        මඩකලපුව

                        මඩකලපුව බටහිර

                        මඩකලපුව මධ්‍යම

                        කල්කුඩා

පදිරිප්පුව

අම්පාර

කල්මුණේ

අක්කරපත්තුව

සමන්තුරෛ

තිරුක්කෝවිල්

මහඔය

දෙහිඅත්තකණ්ඩිය

(ii) එම අතිරික්ත ගුරුවරුන් සංඛ්‍යාව එක් එක් විෂය අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 01** යටතේ දක්වා ඇත.

(iii) නැ‍‍ඟෙනහිර පළා‍තේ අධ්‍යාපන කලාප අතරින් ගුරු හිඟයක් පවතින අධ්‍යාපන කලාපවල නම් පහත පරිදි වේ.

ත්‍රිකුණාමලය

මුතූර්

කින්නියා

කන්තලේ

ත්‍රිකුණාමලය උතුර

මඩකලපුව

මඩකලපුව බටහිර

මඩකලපුව මධ්‍යම

කල්කුඩා

පදිරිප්පුව

අක්කරපත්තුව

සමන්තුරෛ

තිරුක්කෝවිල්

මහඔය

දෙහිඅත්තකණ්ඩිය

(iv) ඔව්.

එම හිඟ ගුරුවරුන් සංඛ්‍යාව එක් එක් විෂය අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 02** යටතේ දක්වා ඇත.

(ආ) ඔව්.

සියලු පළාත්හි ආණ්ඩුකාරවරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් හා අධ්‍යාපන ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් 2020.11.24 දින Zoom තාක්ෂණය ඔස්සේ පළාත් ගුරු පුරප්පාඩු හා ගුරු තුලනය පිළිබඳව සාකච්ඡාවක් පවත්වන ලදී.

එහිදී ජාතික පාසල් හා පළාත් අතර ගුරු තුලනයක් සිදු කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලද අතර, නැ‍ඟෙනහිර පළාත් ආණ්ඩුකාරතුමා ඇතුළු සියලු පළාත් ආණ්ඩුකාරවරුන් ඒ සඳහා තම එකඟතාව පළ කරන ලදී. ඒ අනුව ගුරු ස්ථාන මාරුවීම් ප්‍රතිපත්තියක් සකස් කිරීමටත්, පළාත් පාසල් අතර පළාත් පාසල්, ජාතික පාසල් අතර පළාත් තුළ හා පළාත් අතර ගුරු තුලනයක් සිදු කිරීමටත් එකඟතාව පළ විය.

තවද, මෙම වසරේ ශික්ෂණ ඩිප්ලෝමාධාරින් වෙත ගුරු පත්වීම් ලබාදීමේදී පළාත් පාසල්හි පවතින පුරප්පාඩු සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් පත් කිරීම් සිදු කරනු ලබන බව ද පළාත් ආණ්ඩුකාරවරුන් වෙත දැනුම් දෙන ලදී.

ඒ අනුව නැ‍ඟෙනහිර පළාත වෙත නව පත්වීම්ලාභීන් 414 දෙනෙකු යොමු කර ඇති අතර, 2021.01.18 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන් වෙත පත්වීම් ලබාදී නැ‍ඟෙනහිර පළාත වෙත යොමු කර ඇත. ඉහත පරිදි පුරප්පාඩු පිරවීමෙන් පසු තවදුරටත් ඉතිරි වන පුරප්පාඩු උපාධිධාරි අභ්‍යාසලාභීන් ශ්‍රී ලංකා ගුරු සේවයට අන්තර් ග්‍රහණය කිරීමේ වැඩසටහන යටතේ පිරවීමට කටයුතු කෙරේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks