01

E   |     |  

 දිනය: 2021-03-09   පිළිතුර ලබා දී ඇත 

0864/2021: 2015-2019 දක්වා රාජ්‍ය ඔසුසල්වලට නිකුත් කළ ඖෂධ: විස්තර

864/2020

 ගරු අමරකීර්ති අතුකෝරළ මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       දිවයින පුරා පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සතු රාජ්‍ය ඔසුසල් සංඛ්‍යාව කොපමණද;

             (ii)       රාජ්‍ය ඔසුසල් පිහිටා නොමැති දිස්ත්‍රික්ක     තිබේ නම්, එම දිස්ත්‍රික්ක කවරේද;‍

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) පසුගිය රජය සමයේ ගුණත්වයෙන් පහළ සහ කල් ඉකුත් වූ ඖෂධ රාජ්‍ය ඔසුසල් සඳහා නිකුත් කළ බව එතුමා දන්නෙහිද?

(ඇ) (i) වර්ෂ 2015 සිට 2019 දක්වා රාජ්‍ය ඔසුසල් සඳහා නිකුත් කර ඇති ගුණත්වයෙන් පහළ සහ කල් ඉකුත් වූ ඖෂධ ප්‍රමාණය;

(ii) එම ඖෂධවල වටිනාකම;

වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) (i) රාජ්‍ය ඔසුසල් සඳහා කල් ඉකුත් වූ ඖෂධ නිකුත් කිරීමට හේතු;

(ii) එම ඖෂධවල වටිනාකම අදාළ සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමට ගනු ලැබූ පියවර;

(iii) වටිනාකම අයකර ගෙන නොමැති සැපයුම්කරුවන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග;

කවරේද යන්න  එතුමා සඳහන් කරන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?  

 

අසන ලද දිනය

2021-03-09

අසන ලද්දේ

ගරු අමරකීර්ති අතුකෝරළ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      දිවයින පුරා පිහිටා ඇති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සතු රාජ්‍ය ඔසුසල් සංඛ්‍යාව 50කි.

              (ii)      රාජ්‍ය ඔසුසල් පිහිටා නොමැති දිස්ත්‍රික්ක වන්නේ,

                        1.      කිලිනොච්චිය පරිපාලන දිස්ත්‍රික්කය.

                        2.      ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කය.

                        3.      මුලතිව් පරිපාලන දිස්ත්‍රික්කය.

4. වවුනියාව පරිපාලන දිස්ත්‍රික්කය.

5. මන්නාරම පරිපාලන දිස්ත්‍රික්කය.

6. මඩකලපුව පරිපාලන දිස්ත්‍රික්කය.

7. කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කය.

(ආ) ගුණත්වයෙන් පහළ සහ කල් ඉකුත් වූ ඖෂධ කිසිදු විටෙක රාජ්‍ය ඔසුසල් සඳහා නිකුත් කිරීම සිදු නොකෙරේ. රාජ්‍ය ඔසුසල් සඳහා නිකුත් කරන ඖෂධ අවස්ථානුකූල වන පරිදි පූර්ව නැව්ගත කිරීමේ සාම්පල් පරීක්ෂා කිරීම සහ බෙදා හැරීමට පෙර සිදු කරන සාම්පල් පරීක්ෂාවලට යටත්ව නිකුත් කිරීම සිදු කෙරේ.

ඉහත කී පරීක්ෂා කිරීම්වලට අමතරව රාජ්‍ය ඔසුසල් වෙත ඖෂධ නිකුත් කළ පසුවද, අහඹු ලෙස ලබා ගන්නා නියැදි පරීක්ෂා කිරීම් සිදු කරනු ලැබේ. පරීක්ෂා කිරීම්වලදී යම් හෙයකින් යම් ඖෂධයක අඩු පාඩු වාර්තා වුවහොත්, පරිගණක පද්ධතිය මඟින් සියලුම රාජ්‍ය ඔසුසල් වෙත සහ එම ඔසුසල් මඟින් එම ඖෂධ නිකුත් කිරීම අවහිර කරනු ලැබේ. අනතුරුව ඖෂධවල තත්ත්වය සම්බන්ධව තීරණ ගැනීමේ කමිටුව මඟින් ලබාදෙන නිර්දේශවලට අනුව වෙළෙඳ පොළට නිකුත් කර ඇති සියලුම තොග නැවත ගබඩා වෙත ගෙන්වා ගන්නා අතර, අදාළ පිරිවැය සහ දඩ මුදලක් සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමට ක්‍රියා කරනු ලැබේ.

 

(ඇ) (i) පැන නොනඟී.

(ii) පැන නොනඟී.

 

(ඈ) (i) පැන නොනඟී.

(ii) පැන නොනඟී.

(iii) පැන නොනඟී.

 

(ඉ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-11-27

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) චන්න ජයසුමන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks