01

E   |     |  

 දිනය: 2021-02-24   පිළිතුර ලබා දී ඇත 

0863/2021: ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශගත ශ්‍රමිකයන් හා නිරෝධායන කටයුතු: විස්තර

----

අසන ලද දිනය

2021-02-24

අසන ලද්දේ

ගරු මනූෂ නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)          (i)         2021.03.30 දින වනවිට රටවල් 16ක ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 56,403ක් මෙරටට පැමිණ ඇත. ඒ පිළිබඳ විස්තර ඇමුණුම - 01හි** සවිස්තරාත්මකව දක්වා ඇත.

              (ii)       2021.03.30 දින වනවිට එකී ශ්‍රමිකයන් පැමිණි රටවල නම් ඇමුණුම - 01හි දැක්වේ.

             (iii)       2021.03.30 දින වනවිට රටවල් 15ක ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 34,896ක් මෙරටට පැමිණීම සඳහා ලියාපදිංචි වී ඇත. (ඇමුණුම - 02)**

             (iv)       එම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවය කරනු ලබන රටවල නම් ඇමුණුම - 02හි දැක්වේ.

(ආ) (i)  විගමනික සේවකයින්ද ඇතුළුව සියලු ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරනු ලබන්නේ කොවිඩ් - 19 නිවාරණය කිරීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය වේ. මේ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, විදේශ දූත මණ්ඩල හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවශ්‍ය දායකත්වය ලබා දේ. නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ධාරිතාව හා ප්‍රමුඛතා ලැයිස්තුව අනුව ඔවුන් ගෙන්වා ගැනීම සිදු කරනු ලබයි. විගමනික සේවකයින් සඳහා වැඩි අවස්ථාවක් ලබා දීම පිණිස කාර්යාංශ වියදමින් විගමනික සේවකයින් සඳහාම වෙන් වූ නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා සුදුසු ස්ථාන තෝරා ගැනීමට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳ පළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය මඟින් මේ වනවිට අවශ්‍ය පියවරගෙන ඇත. එම දිස්ත්‍රික් මට්ටමින් හඳුනා ගත් ස්ථාන දැනටමත් කොවිඩ් - 19 නිවාරණය කිරීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත දැනුම් දී ඇති අතර, ඒ තුළින් සුදුසු මධ්‍යස්ථාන 46ක් හඳුනාගෙන ඇති අතර, එහි ඉදිරි වැඩ කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කරමින් පවතී.

(ii)  විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා හැකි උපරිම අයුරින් නොමිලේ නිරෝධායන පහසුකම් සැපයීමට කොවිඩ් - 19 නිවාරණය කිරීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය කටයුතු කරමින් සිටී. තවද, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත් වීම මත විගමනික ශ්‍රමිකයන්හට නොමිලේ නිරෝධායන පහසුකම් සැපයීම සඳහා ආහාර පානාදිය ඇතුළුව සියලු පහසුකම්වලින් යුතු හෝටල් දහයක නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති අතර ඉදිරි සතිය තුළ ඔවුනට එම පහසුකම් භුක්ති විඳීමට හැකියාව උදා‍ වේ. ඒ අනුව, එක් සතියකදී ශ්‍රමිකයන් 571ක් නිරෝධායනය කිරීමට ලැබෙන අතර එම පහසුකම් සැපයීම සඳහා කාර්යාංශයට සතියකට රුපියල් මිලියන 18කට ආසන්න මුදලක් වැය කිරීමට සිදු වී ඇත. මෙමඟින් අඟහිඟකම් ඇති විගමනික ශ්‍රමිකයන්ට සහනයක් ලැබෙන බව මෙම ගරු සභාවට සතුටින් ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

එමෙන්ම, පෞද්ගලික නිරෝධායන මධ්‍යස්ථාන සඳහා යොමු වීමට අපේක්ෂා කරන විගමනික සේවකයින් ඇතුළු ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ඔවුන්ගේ කැමැත්ත පරිදි මුදල් වැය කර නිරෝධායනය වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර ඇත.

(iii)  ශ්‍රමිකයන් නිරෝධායනය කිරීම සම්බන්ධීකරණය සම්බන්ධව විදේශ සේවා නියුක්ති කාර්යාංශය හෝ මෙම අමාත්‍යාංශය ඇවන්ට් ගාර්ඩ් (Avant  Guard) ආයතනය සමඟ කටයුතු කර නොමැත.

(iv)  පැන නොනඟී.

(v)  පැන නොනඟී.

(vi)  පැන නොනඟී.

(ඇ)  පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks