පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-02-25
අසන ලද්දේ
ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්ය භාරය වන්නේ,
• මද්‍යසාර හා දුම්කොළ කර්මාන්ත නියාමනය කිරීම
• මත්පැන් හා දුම්කොළවලින් ලැබෙන බදු ආදායම් එකතු කිරීම හා ආරක්ෂා කර ගැනීම
• සුරාබදු ආඥාපනත හා දුම්කොළ බදු පනත බලාත්මක කිරීම
• විෂ වර්ග, අබිං හා අන්තරායකර ඖෂධ ආඥාපනත හා මාදක ඖෂධ සහ මනෝවර්තක නීති විරෝධී ලෙස ජාවාරම් කිරීමට එරෙහි සම්මුති පනත ක්‍රියාත්මක කිරීම.
• දුම්කොළ හා මද්‍යසාර ජාතික අධිකාරි පනත ක්‍රියාත්මක කිරීම.
(ii) ශ්‍රී ලංකාව තුළ පිහිටා ඇති මුළු සුරාබදු ස්ථාන, ඒකක හා කාර්යාල සංඛ්‍යාව 152කි. එම සංඛ්‍යාව සමන්විත වන ආකාරය ඇමුණුම 1හි දක්වා ඇත.
ඇමුණුම - 1
ශ්‍රී ලංකාව තුළ පිහිටා ඇති මුළු සුරාබදු ස්ථාන, ඒකක හා කාර්යාල සංඛ්‍යාව:
සුරාබදු මූලස්ථානය - 01
ශ්‍රී ලංකා සුරාබදු විද්‍යාලය - 01
සහකාර සුරාබදු කොමසාරිස් කාර්යාල - 13
සුරාබදු අධිකාරි කාර්යාල - 30
සුරාබදු ස්ථාන - 56
මද්‍යසාර හා දුම්කොළ නිෂ්පාදනාගාර ආශ්‍රිත සුරාබදු ඒකක - 45
සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකක - 05
සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය - 01
152 ====
(iii) ඔව්. එම සංඛ්‍යාව එක එක් දිස්ත්‍රික්කය අනුව බෙදී යන ආකාරය ඇමුණුම 2හි දක්වා ඇත.
(ආ) (i) සුරාබදු දෙපාර්තමේන්තුවෙහි සිටින මුළු නිලධාරින් සංඛ්‍යාව 2021.01.21 වන දිනට 1,272කි.
(ii) එම සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව බෙදී යන ආකාරය ඇමුණුම 3හි දක්වා ඇත.
(iii) දැනට තනතුරු පුරප්පාඩුවලට බඳවා ගැනීම් සිදු කරමින් පවතී.
ඇමුණුම් 2 සහ 3 සභාගත* කරමි.
(iv) ඔව්. විවෘත බඳවා ගැනීම් යටතේ සුරාබදු පරීක්ෂක තනතුරු 38ක්, සුරාබදු නියාමක තනතුරු 88ක් සහ සුරාබදු නියාමක රියැදුරු තනතුරු 17ක් සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට මේ වනවිට කටයුතු කරමින් පවතී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-09-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks