පිළිතුර
(අ) (i) පොදු ප්‍රවාහන මාධ්‍යය ලෙස බස් රථ හා දුම්රිය ප්‍රවාහන මාධ්‍යයන් සංවර්ධනය කිරීමේ සැලසුම් යටතේ ගෙන ඇති ක්‍රියාමාර්ග පහත දැක්වේ.
ත්‍රිරෝද රථ පෞද්ගලික හිමිකරුවන් මඟින් ධාවනය වන අතර, නියාමනය සඳහා පළාත් සභා මඟින් ප්‍රඥප්ති සකසා ඇත.
බස් රථ ප්‍රවාහන මාධ්‍යය සංවර්ධනය:
- දිනකට බස් රථ 5,600ක් පමණ කිලෝමීටර් මිලියන 1.1කට ආසන්න දුරක ධාවනය කරවමින් මගීන් මිලියන 2කට පමණ ප්‍රවාහන පහසුකම් සලසනු ලැබේ.
- "Park & Ride" ව්‍යාපෘතිය යටතේ අධිසුඛෝපභෝගී බස් රථ 30ක් යොදාගෙන කොළඹ නගරය තුළ City Bus සේවාව ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරේ.
- ධාවනයෙන් ඉවත් කළ බස් රථ අලුත්වැඩියා කර ග්‍රාමීය මාර්ගවල මගී ප්‍රවාහනයට යෙදවේ.
- සිසුසැරිය බස් රථ 740ක් පමණ දිනකට ධාවනය කරවීම හා ප්‍රවේශ පත්‍ර වටිනාකමින් සියයට 7ක් පමණක් අය කර පාසල් සිසුන් වෙනුවෙන් මාසික වාර ප්‍රවේශ පත්‍ර ලබාදීම සිදු කෙරේ.
- ශ්‍රී ලංගම බස් රථ හා පෞද්ගලික බස් රථ පොදු කාල සටහනක් අනුව ධාවනයට අවශ්‍ය මූලික සැලසුම් සකස් කෙරේ.
- පොදු ප්‍රවාහන බස් රථ සඳහා පොදුවේ භාවිත කළ හැකි පෙර ගෙවුම් කාඩ්පතක්, "E-Ticketing" හඳුන්වාදීමට අවශ්‍ය මූලික සැලසුම් සකස් කර ඇත.
- කොළඹ හා තදාසන්න පෙදෙස් සඳහා නාගරික ප්‍රවාහන සැලසුම් ක්‍රියාත්මක කෙරේ. [Park & Ride බස් සේවාව, බස් ප්‍රමුඛතා මං තීරු ක්‍රමය - BPL - යටතේ ක්‍රියාත්මක වේ.]
- බස් රථ සේවක කණ්ඩායම් සඳහා වෘත්තීය පුහුණුව, NVQ ලබා දීමට මූලික කටයුතු යොදා ඇත.
- සිසුසැරිය බස් රථ කහ වර්ණාලේප කිරීම හා නව සේවා 80ක් මේ වසරේදී ඇරඹීමට සැලසුම් කර ඇත.
- ග්‍රාමීය පෙදෙස් සඳහා 'ගැමිසැරිය' ව්‍යාපෘතිය හා රාත්‍රී පොදු ප්‍රවාහන බස් රථ සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා 'නිසිසැරිය' ව්‍යාපෘතිය පුළුල් කිරීමට සැලසුම් කර ඇත.
- පොදු ප්‍රවාහන පද්ධතිය නිසි පරිදි කළමනාකරණය සඳහා නවීන තාක්ෂණය භාවිතය, MyBus App හා Google සිතියම් ඔස්සේ මහ ජනතාවට බස් රථ සම්බන්ධ තොරතුරු ලබා දීම. Online ක්‍රමයට බස් රථ ආසන වෙන් කිරීම.)
දුම්රිය ප්‍රවාහන මාධ්‍යය සංවර්ධනය:
- වායු සමනය කරන ලද බලවේග කට්ටල, දුම්රිය එන්ජින්, නව මගී මැදිරි ආනයනය කෙරේ.
- භාණ්ඩ/ තෙල් ප්‍රවාහනයට මෑතදී ගෙන්වූ දුම්රිය එන්ජින් හා තෙල් ටැංකිද, නගරාන්තර ධාවන කටයුතු සඳහා නව දුම්රියද යොදවනු ලැබේ.
- දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව මැදිරි, එන්ජින්, බලවේග කට්ටල හා භාණ්ඩ වැගන් පුනරුත්ථාපනය හා අලුත්වැඩියාවන් සිදු කරනු ලැබේ.
- දුම්රිය මාර්ග අලුත්වැඩියාව, නව දුම්රිය මාර්ග ඉදි කිරීම හා නව ද්විත්ව දුම්රිය මාර්ග ඉදිකිරීමේ කටයුතු සිදු කෙරේ.
- දුම්රිය ස්ථානවල සංවර්ධන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතර, තෝරා ගත් දුම්රිය ස්ථානවල ස්වයංක්‍රීය ටෙලර් මැෂින්, ආපනශාලා, කිරි හල් ස්ථාපිත කිරීම හා මගී පාලම්, වේදිකා, මං තීරු, දුම්රිය වේදිකා සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කෙරේ.
- දුම්රිය ආසන වෙන් කිරීමේ කටයුතු කාර්යක්ෂම කෙරේ.
- දුම්රිය හරස් මාර්ග සඳහා නව සංඥා පද්ධති 200ක් ස්ථාපිත කෙරේ.
- නවීන දුම්රිය අංගන - yards - හා නඩත්තු කර්මාන්තශාලා - maintenance workshops - ස්ථාපිත කිරීම සඳහා සැලසුම් කෙරේ.
- කොළඹ තදාසන්න දුම්රිය සංවර්ධනය සඳහා ශක්‍යතා අධ්‍යයන කටයුතු සිදු කරන අතර, කැලණිවැලි දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු සැලසුම් කෙරේ.
- දුම්රිය නියාමක, එන්ජින් රියදුරු, දුම්රිය ස්ථානාධිපති, ආරක්ෂක නිලධාරි හා මාර්ග පරීක්ෂක තනතුරුවල පුරප්පාඩු පිරවීමට කටයුතු කරමින් සිටී.
(ii) ශ්‍රී ලංගම බස් රථ - 6,000
පෞද්ගලික බස් රථ - 20,000
(ආ) (i) ඔව්.
(ii) රියැදුරු පුරප්පාඩු - 1,080
කොන්දොස්තර පුරප්පාඩු - 1,253
(iii) ශ්‍රී ලංගම නව සේවක සංයුතිය අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. එමඟින් පිළිගත් ක්‍රමවේදයන්ට අනුව සියලු පුරප්පාඩු පිරවීමට සැලසුම් කර ඇත.
(ඇ) (i) බස් රථ - 57
(ii) කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් වන අතර රියදුරන් හා කොන්දොස්තරවරුන\ ් ප්‍රමාණවත් නොවේ.
(iii) රියැදුරන් 81ක් හා කොන්දොස්තරවරුන් 84ක් සේවයේ යොදවා ඇති අතර, රියදුරන් 17ක හා කොන්දොස්තරවරුන් 14ක හිඟයක් පවතී.
(iv) රියැදුරු/ කොන්දොස්තර හිඟය හේතුවෙන් දෛනිකව ධාවනයට ලබා දෙන බස් රථ 57 අතරින් දැනට ධාවනය වන්නේ බස් රථ 40ක් පමණි.
ඉදිරියේදී බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන ව්‍යාපෘතිය මඟින් රියැදුරු/කොන්දොස්තර මහතුන් බඳවා ගැනීමට නියමිත බැවින් හා බඳවා ගැනීම්වලදී කොළඹ දිස්ත්‍රික්කයේ අයදුම්කරුවන්ට ප්‍රමුඛත්වය දීමට සැලසුම් කර ඇති බැවින්, සියලුම බස් රථ ධාවනය කළ හැකි වනු ඇත.
(ඈ) අදාළ නොවේ.