පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
852/2020
ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා,— ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ලෝක බැංකු ආධාර යටතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රජා ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බව එතුමා දන්නෙහිද?
(ආ) (i) එම ව්‍යාපෘතිය ආරම්භ කළ හා අවසන් කිරීමට නියමිත වර්ෂ කවරේද;
(ii) ව්‍යාපෘතියේ දිස්ත්‍රික් කාර්යාලයක්, රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාපනය කර තිබේද;
(iii) එහි කාර්ය මණ්ඩලය කොපමණද;
(iv) ඒ සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් සහ බාහිරින් බඳවාගෙන ඇති නිලධාරින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) බාහිරින් සේවකයන් බඳවාගෙන ඇති පදනම කවරේද;
(vi) ඉහත ආයතනය විසින් කුලී පදනම මත ගත් වාහන සංඛ්‍යාව කොපමණද;
(vii) මේ වනවිට එම ව්‍යාපෘතියේ පරිපාලන වියදම කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) එම ව්‍යාපෘතියෙන් මේ වනවිට ක්‍රියාත්මක ජල යෝජනා ක්‍රම සංඛ්‍යාව;
(ii) ඒ සඳහා වැය කරන ලද මුදල;
(iii) ඉදිරියේදී ක්‍රියාත්මක කරන ජල යෝජනා ක්‍රම සංඛ්‍යාව;
(iv) ඒ සඳහා ඇස්තමේන්තු ගත මුදල;
(v) එම ව්‍යාපෘතිය මඟින් සනීපාරක්ෂක පහසුකම් ලබාදී ඇති ප්‍රතිලාභින් සංඛ්‍යාව සහ ඒ සඳහා වැයවී ඇති මුදල;
කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-01-08
අසන ලද්දේ
ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
ලෝක බැංකු ආධාර යටතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රජා ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ.
(ආ) (i) එම ව්‍යාපෘතිය 2016 වර්ෂයේ ආරම්භ වූ අතර, 2021 වර්ෂයේදී අවසන් කිරීමට නියමිතය.
(ii) මෙම ව්‍යාපෘති කළමනාකරණය කිරීම සඳහා දිස්ත්‍රික් කළමනාකරණ ඒකකයක් ස්ථාපනය කර ඇත.
(iii) ව්‍යාපෘති කාර්ය මණ්ඩලය 21
කෙටි කාලීන කොන්ත්‍රාත්
පදනම මත බාහිරින් බඳවා ගන්නා ලද 19
මුළු එකතුව 40
(iv) ජාතික ජල සම්පාදන හා
ජලාපවහන මණ්ඩලයෙන් 01
බාහිරින් කොන්ත්‍රාත් පදනම මත 39
අර හතළිස්දෙනා සංයුක්ත වෙන විධියයි ( ආ) (iv) න් මම කිව්වේ, ගරු මන්ත්‍රීතුමනි.
(v) කෙටිකාලීන කොන්ත්‍රාත් පදනම මත බාහිර නිලධාරින් බඳවා ගැනීම සිදු කර ඇත.
(vi) කුලී පදනම මත, වාහන 05ක් මෙම දිස්ත්‍රික් කළමනාකරණ ඒකකයේ සේවයේ යොදවා ඇත.
(vii) මෙම ව්‍යාපෘතියේ පරිපාලන වියදම මසකට රුපියල් මිලියන 2.1ක් වේ.
(ඇ) (i) ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ජල යෝජනා ක්‍රම 17ක් ක්‍රියාත්මක වේ. පවුල් 9,710ක් ඉන් ප්‍රතිලාභ ලබයි.
(ii) ඒ සඳහා රුපියල් මිලියන 2,767ක මුදලක් වැය කරනු ලැබේ.
(iii) නව ජල යෝජනා ක්‍රම 06ක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.
(iv) ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 793ක් වේ.
(v) ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය මඟින් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 2,994දෙනෙක් සඳහා රුපියල් මිලියන 112ක වියදමින් සනීපාරක්ෂක පහසුකම් ලබා දී ඇත.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-01-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks