පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
841/2020
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මඩකළපුව දිස්ත්‍රික්කයේ, මණ්ඩූර් ප්‍රදේශයේ පිහිටා ඇති උළු කර්මාන්තශාලාව දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක තත්ත්වයේ නොපවතින බවත්;
(ii) එම උළු කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීමෙන් මණ්ඩූර් ප්‍රදේශයේ ජීවත්වන රැකියා විරහිත ජනතාවට රැකියා අවස්ථා උත්පාදනය කළ හැකි බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) එම උළු කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-12-07
අසන ලද්දේ
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) එම උළු කර්මාන්තශාලාව පැවති ඉඩම පෞද්ගලික ඉඩමක් වන බැවින්, නැවත ආරම්භ කිරීම සම්බන්ධව හැකියාව අවම තත්ත්වයක පවතී.
(ආ) 1979 වර්ෂයේ මණ්ඩූර් ප්‍රදේශයේ ආරම්භ කරන ලද මෙම උළු කර්මාන්තශාලාව පිහිටි ඉඩම, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පූ. ගනේෂලිංගම් මහතාට අයත්ව තිබූ පෞද්ගලික ඉඩමකි. එය 1979 වසරේ සිට 1989 වසර දක්වා ක්රියාකාරී තත්ත්වයේ පැවත ඇත. මෙම ඉඩම පෞද්ගලික ඉඩමක් වන අතර, වර්තමාන අයිතිකරු විදේශගත වී ඇත. එබැවින් එම කර්මාන්තශාලාව නැවත ආරම්භ කිරීමේ හැකියාවක් නොමැත.
ඉහත උළු කර්මාන්තශාලාවේ නිෂ්පාදන සඳහා මැටි ලබා ගන්නා ලද ඉඩම් වර්තමානයේ කුඹුරු ලෙස භාවිත කරන අතර, ඒවාද එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට අයත් පෞද්ගලික ඉඩම් වේ.
නමුත්, මෙම ප්‍රදේශයේ මැටි භාවිත කර ආරම්භ කළ හැකි නිෂ්පාදන පිළිබඳව තොරතුරු ලබා ගෙන ජනතාවගේද කැමැත්ත අනුව, ග්රාමීය කර්මාන්තයක් ආරම්භ කළ හැකි නම්, ඒ සඳහා ප්රාදේශීය ලේකම් සමඟ ඉදිරි කටයුතු කරනු ලැබේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-12-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks