04

E   |     |  

 දිනය: 2021-09-23   පිළිතුර ලබා දී ඇත 

0840/2021: අත්යන්ත්‍ර පේෂ කර්මාන්තය: ආයෝජන අවස්ථා

840/2020

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මඩකළපුව දිස්ත්‍රික්කය, අත්යන්ත්‍ර පේෂ කර්මාන්තය සඳහා ප්‍රසිද්ධියක් උසුලන බවත්;

             (ii)       අත්යන්ත්‍ර පේෂ කර්මාන්තය තුළින් වැඩි වශයෙන් ආයෝජන අවස්ථා ලබා ගත හැකි බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මඩකළපුව දිස්ත්‍රික්කයේ අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත ශාලා කිහිපයක් ඉදිකිරීමට පියවර ගන්නේද;

(ii) ඉහත අ(ii)හි සඳහන් ආයෝජන අවස්ථා සෘජුවම කර්මාන්තයේ නියැලෙන්නන්ට ලබාදීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-09-23

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්.

              (ii)      ඔව්.

(ආ)          (i)      නැත.

                        නැ‍ඟෙනහිර පළාත් සභාවේ කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් දැනට මඩකලපුව දිස්ත්‍රික්කයේ පේෂ කර්මාන්ත පුහුණු මධ්‍යස්ථාන 37ක් පවත්වාගෙන යනු ලබන අතර එම මධ්‍යස්ථානවල සෑම වර්ෂයක් පාසාම පේෂ කර්මාන්ත පුහුණුව ලබන සංඛ්‍යාව 334කි. දැනට එම ප්‍රදේශයේ පේෂ කර්මාන්ත පුහුණු මධ්‍යස්ථාන පවත්වාගෙන යන නමුත් අත්යන්ත්‍ර පේෂ කර්මාන්තශාලා පවත්වාගෙන යාමක් නොමැත. එසේම රජය විසින් මෙම ප්‍රදේශයේ අත්යන්ත්‍ර පේෂ කර්මාන්තශාලා ආරම්භ කරන්නේ නැති අතර, නව ආයෝජකයින් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන්නේ නම් මේ සඳහා අවශ්‍ය සහාය ලබා දිය හැක.

(ii) පැන නොනඟී.

 

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2021-11-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks