01

E   |     |  

 දිනය: 2021-01-19   පිළිතුර ලබා දී ඇත 

0838/2021: රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 අනුව විශ්‍රාම වැටුප් ගෙවීම: ගනු ලබන පියවර

----

අසන ලද දිනය

2021-01-19

අසන ලද්දේ

ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      නිලධරයෙකුගේ සේවා කාලය පදනම් කරගෙන විශ්‍රාම වැටුප් සකස් කරනු ලබන අතර, ඒ අනුව එක් එක් පුද්ගලයාට හිමි වන විශ්‍රාම වැටුප වෙනස් වේ. ඒ අනුව විශ්‍රාම වැටුප් සංශෝධනයේදී සැමට එක හා සමාන විශ්‍රාම වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු විය නොහැක.

              (ii)      නොදනී.

(iii)    අමප/19/2731/120/049 සහ 2019.10.29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව, 2017.01.01 දිනට පෙර විශ්‍රාම ගන්වා ඇති සියලු  විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප්, 2019.05.31 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 14/2019 අනුව, 2017.01.01 දිනට හිමි වැටුප මත පිහිටුවා විෂමතා ඉවත් කර ඇත. ඒ අනුව සියලු  විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් එදිනට අදාළ වන සේ සංශෝධනය කර ඇති බැවින් 2016.01.01 දිනට පෙර විශ්‍රාම ගන්වා ඇති විශ්‍රාමිකයන් සඳහා අසාධාරණයක් සිදු වී නොමැත.

(iv) නැත.

03/2016 චක්‍රලේඛය මඟින් 2016.01.01 දිනට සේවයේ නිරත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සංශෝධනය සිදු කරන ලදී. එම වැටුප් වැඩිවීම අදියර 05ක් යටතේ ක්‍රියාත්මක වූ අතර, එහිදී 2016.01.01 දිනෙන් පසුව විශ්‍රාම ගන්නා නිලධාරින් සඳහා ඔවුන් අවසන් වරට ලබාගත් වැටුප මත විශ්‍රාම ගන්වා විශ්‍රාම වැටුප  ගෙවනු ලැබේ. අවසන් වැටුප් වැඩි වීම, 2020.01.01 දිනට වැටුප මත පදනම්ව රජය විසින් ගනු ලබන තීරණයක් මත විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීම අරමුණ විය. නිලධාරියෙකුගේ සේවා කාලය හා අවසන් වරට ලබාගත් වැටුප පදනම් කර ගනිමින් විශ්‍රාම වැටුප් සකස් කරනු ලබන බැවින් හා විශ්‍රාම යන අවස්ථාවේ ලබා ගත් මූලික වැටුප මත පදනම්ව විශ්‍රාම වැටුප් ගෙවන බැවින් අසාධාරණයක් සිදු නොවේ.

(ආ) ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුය.

(ඇ) (ආ) හි පිළිතුර අදාළ වේ.

 

පිළිතුරු දුන් දිනය

2021-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රොෂාන් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks