පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-07-08
අසන ලද්දේ
ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කම්කරු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(ආ) (i) දකුණු කොරියාවේ මේ වනවිට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 23,000ක් පමණ සේවය කරනු ලබයි.
(ii) 2021.01.01 සිට 2021.06.29 වන දින දක්වා දකුණු කොරියාවට ශ්‍රමිකයන් වශයෙන් පළමු වරට යැවීමට ඇති රැකියාලාභීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන්,
ධීවර අංශය - 91
නිෂ්පාදන අංශය - 661
ඉදිකිරීම් අංශය - 04
එකතුව = 756
කොරියාවට නැවත ඇතුළු වන ශ්‍රමිකයන් (Re-entrants) - 730
(iii) ඔව්.
(iv) දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගෙන ඇති අවබෝධතා ගිවිසුමට අනුව කොරියානු මානව සම්පත් ආයතනය මඟින් නිවේදනය කරනු ලබන කාල වකවානුවලදී කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයක් හා ඉන් සමත්වන රැකියාලාභීන් සඳහා නිපුණතා පරීක්ෂණයක් සහ යෝග්‍යතා පරීක්ෂණයක් පවත්වා අවසාන වශයෙන් විභාග ප්‍රතිඵල නිවේදනය කරනු ලබයි. ඉන් සමත් වන රැකියාලාභීන්ගේ තොරතුරු කොරියානු මානව සම්පත් ආයතනය විසින් හඳුන්වා දී ඇති විශේෂ වෙබ් අඩවියට (පරිගණක වැඩසටහනට) මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ඇතුළත් කරනු ලබන අතර, ඔවුන් විසින් එම තොරතුරු පරීක්ෂා කර වෙබ් අඩවියේ අනුමත කළ පසු සුදුසුකම් ලැබූ ශ්‍රමිකයන්ට වසර දෙකක කාලයක් එම වෙබ් අඩවියේ රැඳී සිටීමට හැකියාව ඇත. එම කාලය තුළ යම් සේවා යෝජකයෙකු විසින් එම වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇති රැකියා අපේක්ෂකයෙකු තෝරා ගනු ලැබුවහොත් ඔහුට හෝ ඇයට කොරියානු රැකියාවක් සඳහා පිටත් විය හැක.
ඒ ආකාරයට 2021.06.30 වනවිට පහත සඳහන් රැකියාලාභීන් සංඛ්‍යාවක් වෙබ් අඩවියේ රැඳී සිටියි.
නිෂ්පාදන අංශය - 4131
ඉදිකිරීම් අංශය - 713
ධීවර අංශය - 599
එකතුව = 5443
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-07-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks